සිව්වැනි දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළේ තරගකාරී වටයට මෙරට කෙටි චිත්‍රපට තුනක් සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව, Fiction අංශයෙන් රන්දී පවිත්‍රා කළුආරච්චිගේ අධ්‍යක්ෂණයක් වන “Bless this home” සහ Panorama Fiction අංශයෙන් අශ්ෆාක් මොහොමඩ්ගේ අධ්‍යක්ෂණයක් වන “Mubarak returns to Jaffna”, රාහුල ජයසේකරගේ අධ්‍යක්ෂණයක් වන “Under a dark sky” යන සිනමාපට උලෙළට තේරී පත්වී ඇත.
මෙවර සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලැබූ සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 102 කි.
ඉන්දීය සිනමා සංගම් එකමුතුව (නැගෙනහිර කලාපීය) විසින් සංවිධානය කෙරෙන ස්වාධින සිනමා උළෙලක් වන දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළ නොවැම්බර් 15 වැනිදා සිට 22 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා හිදී පැවැත්වීමට නියමිත ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...