දේශීය පුවත්

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට(අයි ඩී එච් රෝහල) ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 180 ක් දක්වා පහත බැස ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවැසීය.

රෝහලට ඇතුළත් කෙරුණු රෝ ගීන් සංඛ්‍යාව මෙයට සති කිහිපයකට පෙර 230ක් දක්වා ඉහළ ගිය බවද හෙතෙම සඳහන් කළේය.

එසේම කොවිඩ් මරණ සංඛ්‍යාවද පහත බැස ඇතැයි පැවසූ අත්තනායක මහතා ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාවද 30ත් 40ත් දක්වා පහත බැස ඇතැයි පැවසුවේය.ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව මෙයට පෙර පැවතුණේ 70ක් වශයෙනැයිද අධ්‍යක්ෂවරයා කීවේය.

මේ අතර රෝහලේ සියලුම වාට්ටුවලට ප්‍රමාණවත් ඔක්සිජන් පහසුකම් සැපයීමට විධිමත් වැඩපිළිවෙළක් අරඹා ඇතැයි හසිත අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ ආතර මෙරට තුන්වන කොවිඩ් රැල්ල පාලනය කිරීමේ අරමුණින් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනී තිය පැනවීමට රජය තීරණය කළේ පසුගිය අගෝස්තු මස 20 වනදා ය.

කෙසේ වෙතත් ඇඳිරිනී තිය පනවා දින 6ක් ගතවෙද්දී එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් ගණන පසුගියදා වාර්තා විය.එම ගණන 5,961 කි.

නමුත්, 5,000 සීමාවේ පැවැති දෛනික ආසා දිතයින් වාර්තාවීම මේ වනවිට පහළ ගොස් ඇති බව පෙනීයයි.කොවිඩ් රතු කලාපයට අයත් රටක් වන ශ්‍රී ලකාවට තවමත් ඉන් ඉවත්වීමට තරම් දෛනික ආසාදිතයින් වාර්තාවීමේ සැලකිය යුතු අඩුවක් දක්නට නොමැත.

සංචාරක කර්මාන්තය ඉලක්ක කර සිදුකෙරෙන එම වර්ගීකරණයන්ට අනුව ජනගහනයට සාපේක්ෂව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 950 සීමාවට ගෙන ආ යුතු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More