හදිසි නීතිය දැලි පිහියක් සේ භාවිතා කරමින් නිලධාරින් විසින් ගොවීන් හට තුවාල සිදු කරණ බව තඹුත්තේගම එක්සත් ගොවි සංවිධානයේ ලේකම් සමන් කුමාර මහතා පවසයි.
ඒ මගින් ඔවුන් ආණ්ඩුවටද තුවාල සිදුකරමින් සිටින බවද ඒ මහතා අවධාරණය කරයි. වී සඳහා රුපියල් 60ක සහතික මිලක් ඉල්ලන විට ගොවියාගේ ගෙවල් වලට පැන අතිරික්ත වී තොග අත් අඩංගුවට ගැනීම මගින් පොදුවේ ගොවි ජනතාව අතර බලවත් ආණ්ඩු විරෝධයක් නිර්මාණය වන බවද ඒ මහතා පවසයි.
ගොවියාගේ නිවෙස් වල රඳවා තිබෙන සුළු වී තොගයක් එකතු කර ගැනීම මගින් සහල් වෙළෙඳ පොල ප්‍රශ්නය විසඳිය හැකිදැයි එක්සත් ගොවි සංවිධානය ප්‍රශ්න කරන බව සමන් කුමාර මහතා පවසා සිටියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින්, “වී වලට රුපියල් 60ක සහතික මිලක් නොදෙන්නේ නම් ඊළඟ ඡන්දයේදී බලාගමු.” යනුවෙන් සමන් කුමාර මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...