දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් පල කරමින් පවසා සිටියේ, පවතින තත්ත්වය මත ආණ්ඩුව තවදුරටත් රට පාලනය කළ නොහැකි නිසා වහා මැතිවරණයක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කරණ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, මෙවන් අවස්ථාවක මැතිවරණ ඉල්ලා සිටින අයගේ මොළය පරීක්‍ෂා කළ යුතු බවත් මේ අවස්ථාවේ කළ යුත්තේ විනාශය අවම කර ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කිරීම බවත් ඒ වෙනුවෙන් කරණ බලපෑම් වැඩි කල යුතු බවත්ය.

එහිදි අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
“මේ වගේ වෙලාවක මැතිවරණයක් ඉල්ලන කෙනාගේ මොළය පරීක්ෂා කරගන්න ඕනෑ. ඔය කණ්ඩායම් දෙකම හැමවෙලාවෙම කළේ පවතින පාලනය යම් අසාර්ථකත්වයකට පත්වීමේදී මෝහනයට පත්වීමයි. උද්දාමයට පත්වීමයි. රට හෝ ආර්ථිකය හෝ ජනතාව ගැන හැඟීමකින් කරන ප්‍රකාශ නෙවෙයි ඔය. පසුගිය මහ මැතිවරණය පැවැත්වීම කල් දැම්මේ දවසකට සීයක් විතර ආසාදිතයන් වාර්තා වෙද්දීයි.ඒ වගේම දවසකට දෙතුන් දෙනෙක් මියයෑම් වාර්තා වෙද්දීයි. අද දහස් ගණනක් ආසාදිතයන් වාර්තා වෙන, සිය ගණනක් මියයන තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ නැද්ද? මේ වෙලාවේ අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ විනාශය අවම කර ගන්න. ඒ වෙනුවෙන් බලපෑම් වැඩි කරන්න ඕනෑ. එහෙම නොකර ලාභ ලෙස බලය ලබාගන්න හිතන අයගේ අදහස් ගැන අපිට වෙන කියන්න දෙයක් නැහැ.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More