කුඹුරු ගොඩ කර පොල් වගා කිරීම දිරිමත් කිරීම සඳහා මුල්‍යය දිරිගැන්වීම සහ උපදෙස් ලබා දීමේ නව ව්‍යාපෘතියක් පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දිරිමත් කර ඇති බව වාර්තාවේ.ඒ සඳහා අරමුදල් ලැබෙන්නේ කුමන ව්‍යාපෘතියකින්ද යන්න පැහැදිලි නැතත් අදාල ව්‍යාපෘතිය කුඹුරු ගොඩ කිරීමේ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක දිගුවක් බව සේවකයෝ පවසති.
ආයතනයේ ප්‍රධාන නිලධාරිනිය පුද්ගලිකව එම කටයුත්ත සඳහා මැදිහත්වීමක් කරණ බවද සේවකයෝ පවසති. පොල් නිෂ්පාදනය වැඩිකිරීම සම්බන්ධව පර්යේෂණ කරණ විද්වතුන්ට අනුව කුඹුරු ඉඩම් ගොඩකර පොල් වගා කරනවා වෙනුවට අක්කර ලක්ෂ 11කට වඩා තිබෙන පොල් ඉඩම්වල ඵලදායිතාවය වැඩි කිරීමට කටයුතු කළ යුතුය.
එම ඉඩම් අක්කර ලක්ෂ 11න් 35% ක්ම නිසරු ඉඩම් ලෙස හඳුනාගෙන ඇති බව කියවේ.එම විද්වතුන්ට අනුව ජල සැපයුම වැඩිදියුණු කිරීමෙන් පමණක් පොල් අස්වැන්න 30%කින් වැඩි කළ හැකිය. තවද එම විද්වතුන් පෙන්වා දෙන්නේ වැඩි පොල් ඵලදාවක් ලබා දෙන උසස් වර්ගයේ පොල් පැල නිපදවීම වෙනුවට විවිධ අරමුදල් ලබාගෙන කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ කුමන්ත්‍රණයට දායක වීම වහා නැවැත්විය යුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...