කොවිඩ් මරණ ආදාහනය කිරීම සඳහා මින් ඉදිරියට රජය මුදල් ලබාදීමට තීරණය කර ඇතැයි පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
එක් කොවිඩ් මරණයක් ආදාහනය කිරීම සඳහා වැය වන රුපියල් 5000 මුදල රජය මගින් දරන බවද රොෂාන් රණසිංහ මහතා පවසන්නේ
ඒ අනුව ඉකුත් අගෝස්තු මස 31 වැනි දින දක්වා සිදුවූ කොවිඩ් මරණ 2417ක් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 120ක මුදලක් වැය කර තිබෙන බවද රොෂාන් රණසිංහ මහතා පවසනවා.
රට පුරා සියලු පළාත් පාලන ආයතන නියෝජනය වන පරිදි එම මුදල් වැය කර ඇතැයි ද රොෂාන් රණසිංහ වැඩි දුරටත් සඳහන් කරනවා.
සබරගමුව 488ක්, වයඹ 391ක්, මධ්‍යම 260ක්, ඌව 171ක්, දකුණ 537ක්, උතුරු මැද 100ක්, බස්නාහිර 399ක්, නැගෙනහිර 71ක් ආදි වශයෙන් කොවිඩ් මරණ වෙනුවෙන් රුපියල් පන්දහස බැගින් වැය කර ඇති බවටයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...