දේශීය පුවත්

රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙමින් තිබෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.

පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ජා විය.

එමෙන්ම වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විෂමතාව විසඳීම ප්‍රබල ගැටලුවක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලද ක්‍රමවත් කළ යුතු බවයි.

අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වර්තමානයේදී රාජ්‍ය භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සූම් තාක්ෂණය ඔස්සේ කාරක සභාව හා සම්බන්ධ වෙමින් පැවසීය.

එමෙන්ම වර්තමානය වන විට ඉංග්‍රීසි භාෂාව මෙරට අධ්‍යයන භාෂාව බවට පත්වෙමින් පැවතීම සම්බන්ධවද හෙතෙම කාරක සභාවේ අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සදහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 02 ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා අනාවරණය විය.

නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවටද යෝජනා විය. ළමා අයිතිවාසිකම් සම්බන්ධවද ඊට ඇතුළත් කිරීම ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනවිය සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වෙමින් පැවසුවාය. නීතිය සහ සමාජය අතර පවතින සම්බන්ධයද එය තුළින් නිරූපනය විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

පාසල් වලට අනුයුක්ත කර ඇති උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවටද මෙම කාරක සභාවේදී සාකච්ජා විය. උපාධිධාරින් 60000 න්,18000 ක් දැනට පාසල් වලට අනුයුක්ත කර තිබෙන අතර, ඔවුන් ස්ථිර කිරීමට මේ වන විට යෝජනා වී ඇති ක්‍රමවේදය ගැටලු සහගත බවද මන්ත්‍රීවරුන් කාරක සභාවට පෙන්වා දුන්නේය. මේ වනවිට පාසල්වලට අනුයුක්ත කර ඇති ඇතැම් උපාධිධාරින් ඒ සඳහා කැමැත්තක් නොදක්වන බවද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙහිදී කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More