දේශීය පුවත්

මහාචාර්ය මලික් පීරිස් මහතාට චීනය විසින් 2021 වර්ෂයේ “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවය.

ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් මහතාට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිව තිබේ.

2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැළකෙයි.

මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන අතර යූන් ක්වොක් යුන්ග් මහතා එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More