ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී අද (13) ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් අද දිනයේ දී ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ දී සම්මත කෙරුණු අතර එහි ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් සිය වාචික වාර්තාවෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා පවසා සිටින්නේ අද දිනයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය සඳහා තමන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...