රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ හෙද කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය වන ජිව සාම්පල ලබාගැනීමේ රාජකාරී මට්ටමින් පවරා නැති බවයි. ඒ අනුව එම කටයුත්තෙන් තම සංගමය වැළකී සිටින බව සමන් රත්නප්‍රිය මහතා පවසයි.
සමන් රත්නප්‍රිය මහතා වැඩි දුරටත් පවසන්නේ කොරෝනා වසංගතය ආරම්භයේ සිටම හෙද නිලධාරීන් මෙම කාර්යයේ යෙදී සිටියද එය ඔවුන්ගේ රාජකාරියක් බවට ලිඛිතව නිල වශයෙන් පවරන ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලුවද එය මෙතෙක් සිදුකර නැති නිසා මෙම ඉවත් වීමට තීරණය කළ බවයි.
“රාජකාරි වගකීමක් නැතිව යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය හෙද කාර්ය මණ්ඩලයට අයත් නොවන රාජකාරියක් ලෙස සලකා ගැටළු ඇතිවන නිසා රාජකාරියක් බවට ලිඛිතව පවරන ලෙස ඉල්ලුවද මෙතෙක් එය ඉටුවී නැහැ.” යනුවෙන් සමන් රත්න්ප්‍රිය මහතා වැඩිදුරටත් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අනේ මන්දා මේ වෙලාවේ පුදුම ප්‍රශ්න නේද ඔයාලටත්… මෙච්චර මේ ආණ්ඩුව වට්ටන්න මිනිස්සුන්ගේ ජිවිත බිලි දෙන්න එපා..