දේශීය පුවත්

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව යි.

“අපි මේ වෙනකොට විභාග සඳහා අයදුම්පත් ඉදිරිපත් කරලා නෑ . මේ අරගලය ඉවර වෙනකල් උසස් පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට අපි අයදුම්පත් ඉදිරිපත් කරන්නෙත් නෑ . අපි දැක්කා අමාත්‍යවරයා කියනවා පොලීසි යන්නලු. මොකද්ද මේ කරන්නේ.ප්‍රශ්නය විසඳන්න සැප්තැම්බර් 15 වෙනකල් කල්දීලා තියෙන්නේ.”

මේ අතර දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියේය.

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

වසර 24ක් පුරා නොවිසඳුනු ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් එම වෘත්තිය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අතර පසුව ඔවුන් සිසුන්ට “ඔන්ලයින්” අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්විනි.

මේ වනවිට මාස 2 ක කාලයක් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More