විදේශ පුවත්

ගෝලීය පරිසර දූෂණය කෙරෙහි ප්‍රධානතම සාධකයක් බවට ප්ලාස්ටික් පත්ව ඇති බව නොරහසකි. මිනිසා විසින් සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 300ක් පමණ ඉවතලන අතර මෙම ප්‍රමාණය සමස්ථ ගෝලීය ජනගහනයේ ස්කන්ධයට සමාන වේ.

ප්ලාස්ටික් වල ඇති නොදිරන ස්වභාවය නිසා නොයෙකුත් ජෛව පද්ධති වලටද ඉන් සිදු වන හානිය අතිමහත්ය. මේ නිසාම, වරක් පාවිච්චිකර ඉවතලන ප්ලාස්ටික් භාවිතය බොහෝ රටවල තහනම් කිරීමට නීති සකස් වෙමින් පවතී. මෙවන් පසුබිමක් තුළ, දිරා නොයන, ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන් මහාමාර්ග ඉදිකිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ පුවතක් පසුගියදා අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා විය.

ඒ මෙම මූල්‍ය වර්ශය අවසන් වීමට පෙර, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාමාර්ග කිලෝමීටර 1,500ක් ඉදිකිරීම සඳහා ඉවතලන ප්ලාස්ටික් භාවිතයට ගැනීමට එම ප්‍රාන්ත රජය විසින් සැලසුම් සකස් කිරීමයි. මේ සඳහා ප්ලාස්ටික් ටොන් 2,000ක් පමණ ප්‍රමාණයක් භාවිතා වනු ඇති බව පැවසේ.

මීට පෙර, මෙම කාලය තුළ දී මූලික පියවරක් වශයෙන්, ඉවතලන ප්ලාස්ටික් ටොන් 63ක් භාවිතා කරමින් ප්‍රාන්තය තුළ මාර්ග 12ක් නිර්මාණය කර ඇති අතර එම ව්‍යාපෘතිය සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බැවින් එලෙසම එම කටයුත්ත ඉදිරියට කරගෙන යාමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය තීරණය කර ඇත.

මෙම ක්‍රියාවලියේදී, ප්ලාස්ටික් ඉතා කුඩා කොටස් බවට පත්කර, වෙනත් අමුද්‍රව්‍ය සමග මිශ්‍ර කර, එම මිශ්‍රණය රත්කළ බිටුමෙන් නම් අමුද්‍රව්‍ය සමග මිශ්‍ර කිරීම සිදු කරයි. මෙම මිශ්‍රණය, සෙල්සියස් අංශක 110 – 120 පමණ උෂ්ණත්වයකදී මාර්ගයේ ඇතිරීම සිදු කෙරේ. මෙම ශිල්පීය ක්‍රමය ඉන්දියානු මහාචාර්ය වරයකුවන පද්ම ශ්‍රී රාජගෝපාලන් වාසුදේවන් විසින් 2015 වසරේදී, ඉන්දියාව තුළ ගොඩ ගැසෙන අපද්‍රව්‍ය ගැටලුවට පිළියමක් ලෙස ඉදිරිපත් කළ සංකල්පයක් බව පැවසේ.

 

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුපියල් 395 බෙහෙත රුපියල් 55185ට ගෙන්නලා-රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඖෂධ ලයිස්තුවක් මගින් හෙළිදරවු වූයේ වෙළඳපලේ ඉ...


Read More

නුසුදුසු බවට ප්‍රමිති ආයාතනය නිර්දේශ කළ කාබනික පොහොර සුදුසු බවට නිදේශ කරණ ලෙස ජනාධිපති ලේකම් බලපෑම් කරනවා-හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න

ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාර...


Read More

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරණු ලැබුවේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස...


Read More