කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල
මුහුදු රළ මීටර් 2.0 – 2.5 ත් පමණ (ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් සහ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාවක් ද පවතින බවයි.
ඒ අනුව ධීවර හා නාවුක ප්‍රජාවගෙන් මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාවගෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
වඩදිය සමග මෙම තත්ත්වය ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනාවැකි මෙරිල් මෙන්ඩිස් පැවසීය.
මෙය අනතුරුදායක තත්ත්වයක් නොවන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...