දේශීය පුවත්

මානව හිමිකමි සංවිධාන පනත පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වුණු අතර ශේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණේ එම පනත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් උල්ලංඝනය වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනූකූල බවයි. ඒ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ජේෂ්ඨ නීතිඥ කල්‍යාන්ද තිරාණගම මහතා අදහස් දැක්වීය.
පහත පලවන්නේ එතුමාගේ අදහස් වල සම්පින්ඩනයයි.
“මානව හිමිකමි සංවිධාන පනත අභියෝගයට ලක් නොවී සම්මත වූවානම් රටට ලොකු අනතුරක් සිදු වීමෙි බරපතල අවදානමක් තිබුණා.සජිත්ලාගේ සජබයේ නායකයෙක් වන තිස්ස අත්තනායක පාර්ලිමෙින්තුවට ඉදිරිපත් කළ මේ පනතට විරුද්ධව ආණ්ඩුවෙි හෝ විපක්ෂයේ කිසිම මන්ත්‍රී කෙනෙක් කට ඇර තිබුණේ නැහැ. මෙය කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇති මුස්ලිම් සංවිධානයකට මානව හිමිකමි සුරැකීමෙි මුවාවෙන් අයුතු ලෙස රාජ්‍ය ආයතන වල කටයුතු වලට මැදිහත් වීමට බලතල ලබා දීම සඳහා ගෙන එන ලද පනත් කෙටුමිපතක්. මීට කලින් 2013 දී හා 2016 දීත් ගැසටි කරන ලද මෙි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එවක සිටි අධිකරණ ඇමතිවරුන් දෙදෙනකු ගෙන් ම අනුමැතිය ලැබී නොතිබුනු හෙයින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නො හැකිව තිබුණා. එහෙත් මෙි වතාවේ එය පාර්ලිමෙින්තුවට ඉදිරිපත් කිරීම සඳහා වත්මන් අධිකරණ ඇමතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව පැහැදිලි යි.

පෙත්සමිකරුවන්ගේ නීතිඥවරුන් හා රජයේ අධිනීතිඥවරිය පෙන්වා දුන් පරිදි මෙි පනතේ 6 වන හා 7 වන වගන්ති මගින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවටත් රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන්ට රජයේ විධායක හා පරිපාලන බලතලවලට පමණක් නොව ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල වලටත් අනිසි ලෙස මැදිහත් වීමට ඉන් අවකාශ සැලසෙන බවටත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 3,4, 12(1) හා 76(1) වගන්ති උල්ලංඝනය වන බවටත් එනිසා මේ පනත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවෙි තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කොට ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගත යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරණු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්ට නැති බලයක් මේ පනත යටතේ මෙම රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයන්ට ලැබෙනවා. පොලීසියට රහස් පොලීසියට පමණක් නොව ඕනෑම රාජ්‍ය ආයතනයක එනම් හමුදාවේ, ආරක්ෂක අමාත්‍යාංශයේ, බුද්ධි අංශයේ, මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, මානව හිමිකමි කොමිසමේ, රේගුවේ, පුරා විද්‍යා දෙපාරතමේන්තුවේ හෝ වෙනත් ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක කටයුතු වලට මැදිහත් වීමට ඔවුන්ට හැකිවෙනවා. මෙවැනි පනතක් සම්මත වී තිබුණි නමි පාස්කු ප්‍රහාරය ගැන නිදහසේ විමර්ශන සිදු කිරීමට, රිෂාඩි බදියුදීන්ලා රහස් පොලීසියේ රඳවා තබා ගෙන විමර්ශන සිදු කිරීමට, පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කුඩු ජාවාරමිකරුවන් ඇල්ලීමට නොහැකි වනු බව ඒකාන්තයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More