තුන්වෙනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව එළඹෙන නොවැම්බර් මාසයේ දී අවසන් කෙටුම්පත ජනාධිපිතවරයා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
එම කමිටුව මේ වනවිට ඒ සදහා තවත් මාස 3ක කාලයක් ඉල්ලා ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම කාලය ලබා දී ඇති බව දැනගන්නට ඇත.
කමිටුවට සමීප ආරංචි මාර්ග පැවසුවේ රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් මෙම සේවා දිගුව ඉල්ලා සිටි බවයි.
එමෙන්ම මූලික කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අධ්‍යයනය කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
මෙම කමිටුවේ සභාපතිත්වය ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දරන අතර ගාමිණී මාරපන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, සමන්ත රත්වත්තේ, මහාචාර්ය නසීමා කමාර්දීන්, ආචාර්ය ඒ. සර්වේෂ්වරන්, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න සහ මහාචාර්ය ජී.එච්. පීරිස්. එහි සෙසු සාමාජිකයෝ වෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...