පාස්කු ප‍්‍රහාරය කුමන්ත‍්‍රණයක් බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ‍්‍රාම යෑමට ප‍්‍රථම සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප‍්‍රශ්න කිරීමට කි‍්‍රයාමාර්ගයක් ගනු ඇතැයි ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
විශ‍්‍රාම යෑමෙන් පසු නීතිපතිවරයා ද සාමාන්‍ය පුද්ගලයකු නිසා ඒ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප‍්‍රශ්න කිරීමට හැකි බව ද කමල් ගුණරත්න මහතා කියා සිටියි.
පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකු වගකීමෙන් කිසියම් ප‍්‍රකාශයක් සිදු කළහොත් ඔහු කැඳවා ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයා බලයට පත්වීම සඳහා පාස්කු ප‍්‍රහාර කුමන්ත‍්‍රණය සිදු කළ බවට ඇතැම් පුද්ගලයන් සිදුකර ඇති අසත්‍ය ප‍්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ද ඒ මහතා පවසයි.
(දිවයින 2021/09/12)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...