දේශීය පුවත්

කොවිඞ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්‍ෂණවලට සමාන පරීක්‍ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්‍ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඞී. ළමාවංශ මහතා සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප‍්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම නිර්මාණය හඳුන්වාදෙනු ලැබීය. කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනාගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

ඒ අනුව රුපියල් 1500ක පමණ මුදලකින් අදාළ පරීක්‍ෂණය කළ හැකි බව එහි නිර්මාණකරු පවසයි. මේ වන විට මෙයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්‍ෂණික කමිටු අනුමැතිය ලැබී ඇති අතර එහි ලියාපදිංචිය අපේක්‍ෂාවෙන් සිටී. මේ අතර විශේෂිත පරීක්‍ෂණ කට්ටලය ‘RT LAMP (Reverse Transcription Loop Mediated lsothermal Amplification)’ ජාතික හා ජාත්‍යන්තර පේටන්ට් බලපත‍්‍රය සඳහා අයැදුම් කර ඇත.

“සෞභාග්‍යයේ දැක්ම” අනුව දේශීය නිපැයුම් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් විශේෂයෙන් කොවිඞ් ව්‍යසනය හමුවේ මෙවැනි නිපැයුම් ලාංකීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කිරීම අතිශය වැදගත් බවත් සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන ව්‍යාපාර හා සම්බන්ධ කිරීමේ ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය දර්ශන යාපා යන මහත්වරු සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More