දිවයින පුරා පාසැල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශ මාලාව 13 වැනිදා වන විට සකස් කර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
විශේෂඥ වෛද්‍යවරු, තාක්ෂණික ඇගයීම් කටයුතු නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේද සහයෝගය මත මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සකස් කර ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.
පාසල් විවෘත කිරීමට අදාළ සැලසුමක් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සකස් කර තිබේ.
එම සැලසුමට අනුව නොවැම්බර් මාසයට පෙර පාසල් විවෘත කිරීමට නියමිතය. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (10 වැනිදා) පැවැති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී ද අවධානය යොමු කර තිබේ.
ළමයින් අඩු ග්‍රාමීය පාසල්, ප්‍රාථමික පාසල් විවෘත කළ හැකි බව මෙහිදී බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් පෙන්වා දී ඇත. ඒ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේද කැමැත්ත ලැබී ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.
ප්‍රාථමික දරුවන්ට සූම් හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුව ඇති බවද වෛද්‍යවරු මෙහිදී පෙන්වා දී තිබේ.
වයස අවුරුදු 12-18 දරුවන්ට එන්නත්කරණය කඩිනම් කිරීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ. එම පිරිස මිලියන දෙකක් පමණ වන බවද මෙහිදී අනාවරණය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...