දේශීය පුවත්

පාසල් නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය නිර්ණායක සැකසීම සඳහා වූ තාක්ෂණික කමිටුව පවසන්නේ පාසල් ළමුන් එන්නත්කරණය සහ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව තාක්ෂණික කමිටු වාර්තාව සැප්තැම්බර් මස 17 වන සිකුරාදා වන විට ජනාධිපති කාර්ය සාධක බලකායට ලබා දීමට කටයුතු කරණ බවයි. එම තාක්ෂණික කමිටුව ඊයේ (11) දිනයේ රැස්වී ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීමට අනුව බව වාර්තාවේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දවමින් එහිදී ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ බව පවසා සිටියේය.

තාක්ෂණික කමිටුවට අනුව පාසල් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ ගුරුවරු, අන්‍යධ්‍යන කාර්ය මණ්ඩලය, පාසල් ප්‍රවාහනයට සම්බන්ධ පිරිස්, ආපන ශාලාවලට සම්බන්ධ පිරිස් ඇතුළු පාසල් අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු සිදුකිරීමට සැලසුම් ඉදිරිපත්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍යය වේත අදහස් දවමින්,

“රජයේ වෛද්‍යවරුනේගේ සංගමය හැටියට පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදිය යුතුයි යන්න අපි තාක්ෂණික වශයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ තාක්ෂණික වාර්තාව ලබන සිකුරාදා වෙන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් පිළිබඳ කාර්ය සාධක බළකායට ඉදිරිපත් කරනවා. පැහැදිලිව ම දරුවන් එන්නත්කරණය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වැඩිහිටි විශේෂඥවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ඉතාමත් ම ක්‍රමානුකූලව ඉතාමත්ම පරිස්සමින් දරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව කිරීම සියලුදෙනාගේ අදහසයි.” වෛද්‍යය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේය.

එලෙසම පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටු වාර්තාව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත භාර දීමට නියමිතව තිබේ.

පාසල් දරුවන් ට එන්නත්කරණය සිදුකිරීම පිළිබඳ අදහස් දක්වමින් කාසල් වීදියේ කාන්තා රෝහලේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසා සිටියේ, සංකූලතා සහිත දරුවන්ට පළමු පියවර යටතේ එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා,

“අපි එන්නත ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංකූලතා තියෙන දරුවන්ට. අපේ තක්සේරුවේ හැටියට පළමු හා දෙවන මාත්‍රා දෙකම එකතු කරාම 60,000 – 75,000ක අතර ප්‍රමාණයක් එන්නත් අවශ්‍යයි. දෙවැනි අදියරයේ දී උසස්පෙළ හා සාමාන්‍ය පෙළ දරුවන්ට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි මාත්‍රාව සමඟ ඔවුන්ට ලබාදෙන්න එන්නත් මිලියන 2.4ක ප්‍රමාණයක් අවශ්‍යයි. තුන්වැනි අදියරේ දී වයස අවුරුදු 12ට වැඩි අනෙක් දරුවන්ට එන්නත ලබා දෙන්න පුළුවන් ” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More