දේශීය පුවත්

ආණ්ඩුවේ සහ විපක්ෂයේ පිරිස් දෙපසට බෙදී හිස් වාද විවාද සහ හිස් ප්‍රලාප දෙඩ වුවද ආණ්ඩුව විසින් කිසිදු භාන්ඩයක් ආනයනය කිරීම තහනම් කර නැති බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි. එහි මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාට අනුව දැන් සිදුවී ඇත්තේ භාන්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී එහි මුළු වටිනාකම මුදල් ලෙස තැන්පත් කිරීමට කොදේසියක් පැනවීම පමණයි.

ඒ අනුව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ විවිධ අන්තවාදී සංවිධාන වලින් ආයෝජන සඳහා මුල්‍යය සහය ලැබෙන ව්‍යාපාරිකයන්ට කිසිදු ගැටළුවකින් තොරව ණයවර  ලිපි නිකුත් කර සීමා කළා යැයි කියන භාන්ඩ ආනයනය කළ හැකි බව ඔහු පවසයි.

එහිදී වෙළෙඳ තරඟය සීමා වන බැවින් මිල ඉහළ දැමීමටද හැකියාව ලැබෙන නමුත් ආණ්ඩුවට කිසිදු ආදායමක් නොලැබෙන බව වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා  අවධාරණය කරයි.

ආණ්ඩුවේ මෙම තීන්දුව මගින් පාරිභෝගිකයාට සහ රජයට පමණක් නොව සුළු ව්‍යාපාරිකයාටද බරපතල අවාසියක් සිදු වන අතර ඩොලර් ඉතිරි වීමක්ද සිදු නොවන බව වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතාට අනුව ආණ්ඩුවේ පණ්ඩිතයින්ට මොළේ කළඳක් ඇත්නම් කළ යුත්තේ ආනයන බදු ඉහළ දැමීම මගින් පරිභෝජනය සීමා කිරීමයි .  එවිට ආණ්ඩුවට බදු ආදායම ලැබෙන අතර ලොකු කුඩා සියළු ව්‍යාපාරිකයන්ට තරඟ කිරීමේ අවස්ථාවද ලැබෙන බවද වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More