ගොවියා පෙන්නල මහා මෝල් හිමියන් ශක්තිමත් කිරීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යය මහින්දා අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ලංකා ලීඩ් අඩවිය වෙත අදහස් දැක්වූයේය.
එහිදී අනුරාධ තෙන්නකෝන් මහතා, ” එතුමා මොනවා කිව්වත් ඇත්තටම කරන්නේ මාධ්‍යයට කියන දේට සම්පූර්ණ විරුද්ධ පැත්ත.එතුමයි වෙළෙඳ ඇමති තුමයි එකට එකතු වෙලා ක්‍රියාත්මක කරණ වැඩ පිලිවෙළින් මහා වී මෝල් හිමියන්ට කිසිදෙයක් වෙන්නේ නැහැ.මහා මෝල් හිමියන්ට ‘පීඩන’ දරාගන්න පුළුවන්. ඊට අමතරව මහා සහල් මෝල් හිමියන් හසුරුවන්නේ රටේ සහල් වෙළෙඳ පොලෙන් 25% ක් විතර කොටසක් පමණයි. ඉතිරි 75% වෙළෙඳ පොල කොටස හසුරුවන්නේ කුඩා සහ මධ්‍යයම පරිමාණ සහල් මෝල් හිමියන්. ඔවුන්ට සාධාරණ ලාභයක් නොමැතිව ව්‍යාපාරය කරගෙන යන්න බැහැ.ගොවියාට සාධාරණ මිලක් වී වලට ලැබෙන්නේ නැතිනම් ගොවියා වී ගොවිතැන අතහරිනවා.වී අස්වැන්න ගන්නේ පොලොව හාරලා නම් හදිසි නීතියෙන් හෝ හමුදාව යොදවල ගොඩ දාන්න පුළුවන්.වී වවන්නේ ගොවියෝ.ඔවුන්ව දුකට පත් කරල වී වගාව හෝ සහල් වෙළෙඳාම නගා සිටුවන්න බැහැ.දැන් මොන නීති දැම්මත් ගොවියාට වී කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 50ක් ගෙවලයි සහල් වෙළෙන්දා පාරිභෝගිකයාට රුපියල් 120ට සහල් විකුණන්නේ. ඉතින් ඕන මෝඩයෙකුට තේරෙනවා ගොවි පවුල් ලක්ෂ 15ක ඡන්ද ලක්ෂ 30ක් සතුටු කරලා වී වලට රුපියල් 60ක් ගෙවල නාඩු 115 කළාම ප්‍රශ්නය ඉවරයි කියල.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...