දේශීය පුවත්

ආණ්ඩුව සීනි ආනයනය කරණ තම ගජ මිතුරු ජාවාරම්කරුවන්ට අත දිග හැර බදු සහන ලබා දුන්නද ආණ්ඩුවේ සීනි සමාගම් නිෂ්පාදනය කළ සීනි නිෂ්පාදනය ආණ්ඩුව නියම කළ මිලට මිලදී ගත් දේශීය ව්‍යාපාරිකයන්ට වස බීමට සිදුව ඇතැයි එවැනි එක් සමාගමක අධ්‍යයක්ෂකවරයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේය.

ඔහුට අනුව තම සමාගමේ සභාපතිවරයා තමාට සිදුව ඇති මුල්‍යය පාඩුව නිසා වස බොන බවට වරින් වර පැවසීම නිසා එම පාඩුව දැරීමට සිදුවූ දේශීය සමාගම් කිහිපයක පවුල්වල සාමාජිකයන් බලවත් මානසික පීඩනයකට ලක්ව ඇති බව තහවුරු වේ.එම ව්‍යාපාරිකයන් විසින් ආණ්ඩුවේ මිල ගණන් අනුව සීනි මිලදී ගෙන ඇති ආකාරය වන්නේ, සෙවනගල සීනි සමාගමෙන් රුපියල් 145.00 බැගින් මෙට්‍රික් ටොන් 2000ක් සහ පැලවත්ත සීනි සමාගමෙන් රුපියල් 145.00 බැගින් මෙට්‍රික් ටොන් 3000ක් ලෙසයි.

දේශීය සීනි සමාගම් විසින් එම මිල ගණන් වලට සීනි විකුණා ඇත්තේ 2021/08/12 සිට 2021/08/24 දක්වා කාලය තුළදීය. නමුත් ඊට පෙර සීනි ආනයන ජාවාරම්කරුවන්ට මිලියන 29,000ක බදු සහන ලබා දී එම සීනි රුපියල් 85ට විකුණන ලෙසට ගැසට් පත්‍ර නිකුත් කළේ 2020/10/21 දිනය.ඒ අනුව දෙකොසකට සලකන දෙයාකාරය පැහැදිලි බව එම ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

ඒ අනුව  එම ව්‍යාපාරිකයන් බංකොලොත් වූ විට ආනයනයකරුවන්ගේ ඒකාධිකාරය තවත් බලවත් වන බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More