දේශීය පුවත්

පශු සංවර්ධන මණ්ඩලයට අයත් පොල් ඉඩම් අක්කර 2000 කට වැඩි භූමි ප්‍රමාණයක් රජයට හිතවත් පුද්ගලික ආයෝජකයින් හතර දෙනෙකුට වසර 30ක කාලයක් සඳහා බද්දට ලබාදීමට අමාත්‍යය මණ්ඩලය තීරණය කළ බව වාර්තා වේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ආයතනයේ ඉහළ නිලධාරියෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ අදාළ පනත මගින් ආයතනයට එම ඉඩම් පවරා දී ඇත්තේ කිරි ගව අභිජනන ව්‍යාපෘතියක් සඳහා බවය.

වගකිව යුත්තන්ට එය කළ නොහැකි නම් කළ යුත්තේ වග කිව යුත්තන් මාරු කිරීම මිස ඉඩම් බදු දීම නොවන බව ඔහු පවසා සිටියේය. ඊට අමතරව නම සඳහන් කිරීමට අකමැති වූ ඔහු සඳහන් කළේ එම ආයෝජකයින් තෝරා ගැනීමේදි ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකළ බවය.

එසේම අවංකව ආයෝජකයින් සඳහා ඉඩම් ලබා දෙන්නේ නම් ඒ සඳහා මෙම ඉඩම් ලබා නොදී මහවැලි හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම් ලබා දිය හැකිව තිබූ බවද ඔහු අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More