ළමුන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා , ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අදහස් පළ කරනවා
ලෝකයේ එන්නත් වර්ග දෙකක් පමණක් ළමයින්ට ලබා දීමට අනුමත කර තිබෙන බවත් ඒ ෆයිසර් සහ මොඩර්නා බවත් ජීවන්දර මහතා කියා සිටිනවා
යම් යම් රටවල් නිර්ණායක දමා ගෙන ගියත් ළමුන් එන්නත් කිරීම සඳහා තවමත් ලංකාවේ නිර්දේශ මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා දී නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ
වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ මේ සඳහා වැඩි අධ්‍යයනයක් සිදු කළ යුතු බවයි.
ලෝකයේ යම් රටවල් යම් යම් වයස් කාණ්ඩ සඳහා පමණක් එන්නත් කිරීම නිර්දේශ කර තිබෙන බවත් විශේෂයෙන්ම මෙය පහසුවෙන් ගත හැකි තීරණයක් නොවන බවත් ඔහු සඳහන් කළා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...