මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය එළඹෙන සදුදා දිනයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිත බවත් වාර්තාවේ.
ඉල්ලා අස්වීමෙන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස පත්වීමට නියමිතව ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.
පසුගිය දිනවල සමහර වෙබ් අඩවි වාර්තා කර තිබුනේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතල සහිතව පත් වීමට නියමිත බවයි.වසර 8 කට වැඩි කාලයක් මහ බැංකු අධිපතිවරයා ලෙස සේවය කර ඇති කබ්රාල් මහතා තමන්ට හිඟ විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ල තිබූ බවද පුවත්පත් වාර්තා කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...