ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පසුගියදා මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කල ඉල්ලීමට ගුවන් සේවා කාර්යමණ්ඩල වෘත්තීය සංගමය ප්‍රතිචාර දක්වා ඇති බාව් වාර්ත වේ.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය කළ ඉල්ලීමට, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල නොපැලඳීම, දිවයිනට පැමිණීමේදී පැය 72කට පෙර පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමේ කොන්දේසිය ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත් විය.
මේ සම්බන්ධයෙන් ගුවන් සේවා කාර්යමණ්ඩල වෘත්තීය සංගමය සංචාරක මණ්ඩලයේ සභාපතිනි ක්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය වෙත ලිඛිතව දන්වා ඇත්තේ එන්නත්කරණයට ලක්වූ හෝ නොවූ පමණින් වෛරසය ආසාදනයවීම හෝ වෛරස වාහකයෙකුවීම නොවළැක්වෙන බවත් මෙවැනි තීරණ ගැනීමේදී ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ මෙන්ම රටේ මහජන ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් වියයුතු බවත් එම සංගමය අවධාරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...