ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ පළාත් අතර තවදුරටත් සංසරණ සීමා පවත්වාගෙන යාම තේරුමක් නොමැති ක්‍රියාවක් බවයි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ රට පුරාම පැතිරී යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බවත් එනිසා කොළඹ පමණක් වසා දැමීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.
“දිවයින පුරා කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල වල සිදුකරන ලද පරීක්ෂණවලදී 95% ක් ඉක්මවූ ප්‍රමාණයක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වූවන් ලෙස හඳුනාගනු ගනු ලැබුවා. මේ වන විට මෙරට ප්‍රමුඛතම කොරෝනා ප්‍රභේදය වන්නේද ඩෙල්ටා ප්‍රභේදයයි” යනුවෙන් චන්දිම ජිවන්දර මහතා පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...