දේශීය පුවත්

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලා තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මලවිගේ මහත්මිය විසිනි සිදුකරන ලද දේශණයක් විකෘති කළ පළ කිරීම සම්බන්ධයෙන් ඇයට සිදුවු සිත් වේදනාව තමන් අවබෝධ කරගත් බවයි.

එනිසා සියලු ජනමාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් තමන් පුද්ගලිකව ඇය අමතා සමාව ඉල්ලූ බවද ඔහු කියා සිටී.

මේ බව සඳහන් කරමින් ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

“මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනූම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්. ඉහත අන්දෝලනයට පාදක වූ, ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කල වෙබ් සම්මන්ත්‍රනයේදී ඇය විසින් කරන ලද මූළු කතාවම මා විසින් පෞද්ගලිකව ශ්‍රවණය කලා. එම නිසාම ඇය විසින් කල ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි.එම නිසා මා සියළුම මාධ්‍ය මිත්‍රයන් වෙනූවෙන් ඇයට ඊයේ දිනයේ පූද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා. එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියළුම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More