දේශීය පුවත්

සහල් වෙළෙඳ පොලේ ගැටළුව දීර්ඝ කාලීනව විසඳීම, එනම් රටේ ආහාර සුරක්ෂිතතාවය, වී ගොවිතැන, ගොවියාගේ ජීවන තත්වය ආරක්ෂා කිරීම ආදිය වෙනුවෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය දිගටම පෙනී සිටියේය. මේ වන විට හදිසි නීතිය යටතේ සිදුවන අනර්ථයන් පිළිබඳව විවිධ පාර්ශව වලින් අප වෙත දිගින් දිගටම යෝජනා සහ චෝදනා ඉදිරිපත්වේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා චෝදනා මුඛයෙන් අදහස් දක්වමින්,

“සහල් ලබා ගන්නේ පොලොව හාරලා නෙවෙයි. ගැසට් හෝ විශ්‍රාමික නිල ඇඳුම් පෙන්වල ගොවියාවයි වී මෝල් හිමියන්වයි බය කරල මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒවා කෙටි කාලීන වැඩ. නමුත් දීර්ඝ කාලීනව රටේ ආහාර සුරක්ෂිතතාවයට පමණක් නොවෙයි ආණ්ඩුවේ පැවැත්මටත් ඒවා බලපානවා. ඇමති බන්දුල වගේ උගත් අයෙකුට  මේ නිර්දය සත්‍යය තේරෙන්නේ නැහැ කියල අපට හිතෙන්නේ නැහැ.ඔහුට දෙවියන්ගේ හාල් කැවිලා නැතිනම් ඔහු වී ගොවි පවුල් ලක්ෂ15ක ඡන්ද ලක්ෂ 30ක් ආණ්ඩුවට අහිමිකරවන කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්. සීනි ආනයනයකරුවන්ට රුපියල් මිලියන 29,000 ක බදු සහන දීල ඉන් පස්සේ රුපියල් 85ට පැනවූ පාලන මිල නැවත රුපියල් 122කට ඒ කියන්නේ රුපියල් 42 කින් වැඩි කරන්න නිර්ලෝභී වන ඇමතිවරුවරුන්ට ගොවියාට වී කිලෝ එකකට රුපියල් 60ක් ගෙවල සහල් මිල රුපියල් 10 කින් වැඩි කරල ප්‍රශ්නය විසඳන්න බැරි ඇයි.ගොවියා දුකට පත් කරල බත් කන්න ඕනද කියල ජනමත විචාරණයක් තිබ්බොත් ඇමති බන්දුලට ඉල්ලා අස්වෙන්න සිදු වෙනව.”යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More