ජනමාධ්‍ය ආයතන වසා දැමීමට කටයුතු කරන බවට තර්ජනාත්මක උධෘතයක් භාවිත කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සිය ප්‍රතිචාරය පළ කලහ.
ඔවුන් පවසන්නේ ගීත නිර්මාණකරුවන්ගේ කතෘභාග ගෙවීම සම්බන්ධයෙන් වැරදි සහගත කරුණු රැසක් එමගින් ඉදිරිපත් කර ඇති බවයි.
පිරිසක් විසින් පෞද්ගලික සමාගමක් පිහිටුවා අත්තනෝමතිකව තීරණය කරන ලද ගාස්තු ක්‍රමවේදයක් මාධ්‍ය ආයතන වෙත එවා එම ගාස්තු තම ආයතනයට ගෙවන ලෙස මාධ්‍ය ආයතන වෙත දැනුම් දී ඇති බවයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි දී නිර්මාණකරුවන්ට හිමිවීමට ඇති මුදලින් සියයට 45 ක් අදාළ සමාගමට අත්පත් වන පරිදි ඔවුන් කටයුතු කරමින් ඇති බවත් එහි සදහන්ය.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ලිපියක් ද යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ගීත නිර්මාණකරුවන්ට කතෘ භාග සහ සෙසු නෛතික ගෙවීම් සිදු කිරීමට මාධ්‍ය ආයතන සියල්ල සූදානම්ව සිටින මොහොතක එවැනි සමාගමක් පටු ලාභ පරමාර්ථ උපයෝගී කර ගනිමින් කටයුතු කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...