ගොවියා දැන් සටනට බැස ඇති බවත්, ඔවුන්ගේ සාධාරණ ඉල්ලීමක් වන වී සඳහා සහතික මිල රුපියල් 60ක් ලබා ගැනීම සඳහා ජාතික ගොවිජන එකමුතුව පෙනී සිටින බවත් එම එකමුතුවේ සභාපති අනුරුද්ධ අනුරාධ තෙන්නකෝන් පවසයි.
රටට විහිළු සපයා ගොවීන්ගේ වෛරයට පාත්‍ර වී අවසානයේදී ඉල්ලීම් ලබා දීම වෙනුවට ආණ්ඩුවට තිබෙන හොඳම විසඳුම ගොවියාට සාධාරණ මිලක් ගෙවා ඊට අනුව සහල් මිල තීරණය කිරීම බව ඔහු කියයි. ගැසට් ගහලා හාමුදාව දාලා කරන වැඩවලින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. තවත් අවුල් වෙනවා. වී ගොවියාට කන්න දෙකක් වැඩ කළාම ඉඩමේ ප්‍රමාණය සහ අස්වැන්න අනුව දිනකට ලැබෙන්නේ රුපියල් 500ක් සහ සහ 750 ක් අතර ආදායමක්.
කම්කරුවකුට රුපියල් 1000ක් දෙන්න ඕන කියන, ඒ කියන්නේ පවුලකට 2000ක් දෙන්න ඕන කියන වාමාංශිකයන්ට ගොවි පවුල් ලක්ෂ 15ක දුක පේන්නෙ නැහැ. උන්ගේ නිර්ධන පංති පීඩනයට හෝ පිඩිත පන්තියට ගොවියා අයිති වෙන්නේ නැහැ. නමුත් රටේ හදවත තියෙන බත් කන මිනිස්සුන්ගෙන් ඇහුවොත් රුපියල් 110 ට සහල් මිල නියම කරන්න ඔවුන් විරුද්ධ වෙන්නේ නැහැ. දැනුත් මිල ඊට වැඩියි. එහෙම නම් මොකක්ද මේ කරන පිස්සුව. කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙකුට වෙළඳ ඇමතිකම දෙන්න හොඳ නැහැ කියලා අපි කියන්නෙ ඒ නිසා. උන්ට ගොවියගෙ දුක තේරෙන්නෙ නැහැ. උන් බත් කන එවුන් නොවෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...