සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව පවසා ඇති ඇය තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ.එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඇය ජනාධිපතිවරයා වෙත පක්ෂපාති තැනැත්තියක බව ඇගේ සමාජ මාධ්‍ය ගිනුමේ ප්‍රකාශ අනුව පැහැදිලි වේ. නමුත් මේ වන විට පරිසරවේදින් හා බොහෝ දෙනාගේ විරෝධයට හේතු වී ඇති අලි පැටවුන් සම්බන්ධ ආණ්ඩුවේ අත්තනෝමතික පියවර අගේ මෙම හදිසි ඉල්ලා අස්වීමට සම්බන්ධ බවට නිරීක්ෂකයන් සඳහන් කරය ඇත.
අලි පැටවුන් සොරකම් කර නීති විරෝධී ලෙස ළඟ ලබා ගත් බවට චෝදනා ලැබුවන්ටම ඔවුන් නිදහස් කරන ලෙස පසුගියදා අධිකරණ නියෝගයක් ලබා දී ඇත. මෙම නියෝගයට පදනම් වන නීතිමය තත්වයක් නොමැති වුවද අගමැති මහින්ද රාජපක්ෂගේ සහ වනජීවි ඇමති සීබී රත්නායකගේ මැදිහත්වීමෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මීට ආවරණය සපයා ඇත.
අධිකරණ නියෝගය අනුව අලි පැටවුන් ඔවුන් සොරකම් කර තබා ගෙන සිටි බවට චෝදනා ලැබුවන්ට භාරදීමට පියවර ගැණුනු අතර එම ප්‍රශ්නගත අලිපැටවුන් 14 දෙනකු පැරණි හිමිකරුවන්ට ම භාරකාරත්වය ලබාදීමට ලියාපදිංචි කරන ලෙස දන්වමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත. මේ තත්වය තුළ එවැනි පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඉෂිනි වික්‍රමසිංහ ඉල්ලා අස්වීම භාරදුන් බවට ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...