දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කර දී ඇති බවත් ඉන් බැහැරව ශ්‍රී ලංකාව තුළ කිසිදු වාහන එකලස් කිරීමේ කටයුත්තකට ඉඩ නොතබන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.
තම මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය හා එහි අදාළ දෙපාර්තමේන්තු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, අපනයන හා ආනයන පාලක දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන ද මොරටුව විශ්ව විද්‍යාලයේ අදාල විෂය ප්‍රවීණයන් ද ශ්‍රී ලංකාවේ මෝටර් රථ උපාංග නිෂ්පාදකයන්ගේ සංගමය (SLACMA) හා ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන්ගේ සංගමය (SLAAA) සම්බන්ධ කරගනිමින් සැකසූ මෙම සම්මත මෙහෙයුම් පටිපාටියට, කැබිනට් අනුමැතිය 2021.01.11 දින ලැබුණු බවත් එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.03.15 වැනිදා ජනගත කිරීම සිදුකර ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.
ඒ නිසා වාහන නිෂ්පාදනයට හෝ එකලස් කිරීමට අදාළ වෙනත් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන නොනගින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ වන විට සම්මත මෙහෙයුම් පටිපාටියට(SOP) අනුකූලව ශ්‍රී ලංකාව තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයෙහි ආයතන 11ක් නිරතව සිටින බවත් ඔවුනට දේශීය එකතු කිරීම්වලට අමතරව අවශ්‍ය අනෙකුත් උපාංග ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් 2021.04.05 දින අංක 2222/03 දරන ගැසට් නිවේදනය නිකුත් කරමින් අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් මෙම වාහන එකලස් කිරීමේ කටයුතු ඉහත කී රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක නිසි අධීක්ෂණය යටතේ සිදුවන බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
මෙම ආයතන 11 විසින් මෝටර් සයිකල්, මෝටර් රථ මෙන්ම ලොරි රථ වැනි වාණිජ වාහන එකලස් කිරීමේ කටයුතු දැනටමත් සිදු කරන බවත් සම්මත මෙහෙයුම් පටිපාටියට අනුව ඔවුන් වාහන එකලස් කිරීමේදී එකතු කරනු ලබන දේශීය උපාංග ප්‍රමාණය අනුව 20% සිට ඉහළට බදු සහන ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, වාහන එකලස් කිරීමේ දී දේශීය උපාංග යොදා ගැනීමේ ප්‍රතිශතය ඉහළ යන විට ලැබෙන බදු සහන ද ඉහළ යන බැවින් ඉදිරියේදී මෙම නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිය බල ගැන්වීමෙන් “මේඩ් ඉන් ශ්‍රී ලංකා” වාහන නිපදවෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More