කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් “එපික් ලංකා” පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව ඇප මත මුදා හරින ලෙස නියම අද (09) දින නියම කළේය.
“එපික් ලංකා” නැමැති පුද්ගලික සමාගමේ එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය ප්‍රධාන විධායක නිලධාරී හරීන්ද්‍ර කල්පගේ නමැති සැකකරු එලෙස ඇප මත මුදාහැරීමට නියෝග කෙරුණි.
මහෙස්ත්‍රාත්වරිය, අදාළ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට ද නියෝග කළාය.
සැකකරු සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...