ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද (09) සංවිධානය කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට කාඩ්පත සටහන් කරගෙන එන්නත ලබානොගෙන පිටව යෑමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව සහ දෙවන එන්නත් මාත්‍රාව අද එම මධ්‍යස්ථානයෙන් ලබාදීමට සූදානම් කර තිබුණි.
එහිදී පිරිසක් එන්නත් ලබාගත් බවට සිය කාඩ්පත් සටහන් කරගෙන එන්නත ලබානොගෙන ඉන් පිටව යන බවට ඒ අසල රැඳීසිටි ආරක්ෂක නිලධාරීන්ට දැකගැනීමට හැකිවී තිබේ.ඒ අනුව ඔවුන් රඳවා ප්‍රශ්න කිරීමේදී එන්නත් ලබානොගෙන කාඩ්පත පමණක් සටහන් කරගෙන යන බව අනාවරණය වී ඇත. ඔවුන් අතර මුස්ලිම් කාන්තාවන් පිරිසක් සිට ඇති අතර ඔවුන් පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.
මෙම පිරිස පළමු එන්නත් මාත්‍රාව සඳහා ද මෙම ක්‍රියාව සිදුකර ඇත්දැයි සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.
එන්නත් මධ්‍යස්ථානයේ නිලධාරීන්ට අනුව මෙම ක්‍රියාව හේතුවෙන් සිය දත්ත පද්ධතියට විශාල හානියක් සිදුවෙන අතර
එන්නත් ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යයනයන්ට ද ඉන් විශාලා බාධා සිදුවේ. මෙය එක්තරා ආකාරයක සංවිධානාත්ම ක්‍රියාවලියක් දැයි සැකසිතෙන බව ඇතැම් පිරිස් සැක පකල කරති.
ඔවුනට අනුව සිතා මතා එන්නත් කරණ වැඩසටහන අවුල් කිරීමේ වුවමනාව මෙන්ම යම් විදියකින් කොවිඩ්19 වෛරසය වැළඳුනහොත් හා එම හේතුවෙන් මිය ගිය හොත් එන්නත පිළිබඳ කරණු ලබන අධ්‍යයනයන් පවා අවුල් සහහගත තත්වයට පත්වන බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...