දේශීය පුවත්

සැප්තැම්බර් 7 වැනිදා දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි, කිමාලි ප්‍රනාන්දු මහත්මිය ලිපියක් යොමුකරමින් සදහන් කර සිටියේ සංචාරක කර්මාන්තයට සහයෝගය දෙමින් නීති රැසක් ලිහිල් කර දෙන ලෙසයි.

1)පූර්ණ වශයෙන් එන්නත් කළ ගුවන් සේවක සේවිකාවන්ගේ PPE ආරක්ෂිත ඇදුම් ඉවත් කරන ලෙසත්,

2) පූර්ණ වශයෙන් එන්නත් කළ පුද්ගලයන්ට ගුවන් යානයට ගොඩවීමට පැය 72කට පෙර සිදුකිරීමට නියම කර ඇති PCR පරීක්ෂණ නතර කරන ලෙසත්,

3) යුරෝපා සංගමයේ රෙගුලාසිවලට අනුකූලව වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට PCR පරීක්ෂණ සිදුකිරීම නතර කරන ලෙසත්,

4)පූර්ණ වශයෙන් එන්නත් ලබාගත් සංචාරකයන්ට රැපිඩ් පරීක්ෂාවන් ගුවන් තොටුපොළේදී සහ සංචාරක ගමනාන්තයට යන අතරතුරදී සිදුකිරීමට ඉඩ සලසා දෙන ලෙස මෙම ලිපිය මගින් අවධාරණය කර සිටි අතර ‘වහාම ප්‍රතිචාරයක්‘ අවශ්‍ය බව හඟවා ඇය සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල , සෞඛ්‍ය ලේකම් එස්.එච්. මුණසිංහ , සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි සහ SLTDA අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්වරුන් වෙත ද පිටපත් යොමුකර ඇත.

 

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More