මුහුණු පොතෙන්

රැඩිකල් පඩියන්ගේ වීරයෝ …

September 9, 2021 12:13 pm | Lanka Lead News

කෙනෙක් මැරුණට පස්සේ චාරිත්‍රයක් විදිහට කරන පාංශකූලයත් සමහරු වැරදි කොනකින් අල්ලගෙන ඉන්න බව පේනවා. සමහරු හිතන්නේ පාංශකූලය කියන්නේ මැරුණු කෙනාගේ ගුණ කථන කරන චාරිත්‍රයක් නැත්නම් මැරුණු කෙනාට කරන සෙත් ශාන්තියක් වගේ එකක් කියලා. ඒ නිසා තමයි මංගල සමරවීර, සුනිල් පෙරේරා වගේ අයගේ පැවැත්ම විවේචනයට ලක්වෙන පොස්ට් එකක් දැම්මම අපෙන් අහන්නේ මැරුණට පස්සේ පාංශකූවලදී කැරෙන ගුණ කථන ඒ අයට අදාළ නැත්තේ මොකද කියලා. මේ අයගේ ජිවන දැක්ම තුල එම ආගමික චාරිත්‍රවලටත් ඉඩක් නොතිබූ නිසා ඒ අයට බෞද්ධ සංස්කෘතියේ එම චාරිත්‍රයවත් අදාළ වෙන්නේ නැත. ඒ සම්ප්‍රදාය නොපිළිගන්න අය දැන් විවේචනවලදී විතරක් ඒක අපෙන් අහන්න එපා. කුසල් අකුසල් ,පව පින විශ්වාස නොකර ඕනෑම පාදඩ ජීවිතයක් ගෙවා දමලා මිය ගියාට පස්සේ පාංශුකූලට ගිහින් ගුණ කථන කරන්නම ඕන කියලා නියමක් නැහැ.
පාංශුකූලය දීමේ අරමුණ මැරුණ කෙනා සුගතිගාමී කිරීම නෙමෙයි. මිනිස්සු නිවන් දක්වන්න පාංශකූලය දීල බැහැ. ඉන්නකම් කරපු කියපු දේ අනුවයි ඉන් එහා ගමන තීරණය වෙන්නේ. එහෙම නම් පාංශකූලය දෙන අරමුණ මොකක් ද ? ඒ තමයි කවුරුත් මේ ගමන යනවා එදාට ඉතුරු වෙන්නේ කරපු කියපු හොද නරක විතරයි කියලා ඉන්න පිරිසට මතක් කරලා දෙන එක. මරණය කියන එක මිනිසුන්ට අමතක වෙලා තියෙනවා නම් මරණයක් නිමිති කරගෙන ජනතාවට මරණය නිතර නිතර මතක් කරලා දිය යුත්තේ පින් පව් විශ්වාස කරලා යහපත් ජිවිතයක් ගෙනියන්න. පාංශකූලය වැදගත් වෙන්නේ පුද්ගල හා සමාජ යහපතට මරණය අනුස්මරණය කරවන චාරිත්‍රයක් නිසා. නමුත් අද මේ පාංශකූල චාරිත්‍රය දුසිරිත් දනන් ගැන පවා කැරෙන ගුණ කථන වලට සිමා වී තිබෙන්නේ එසේ නොකළොත් නැවත ඒ පවුල්වල කිසිවෙක් පන්සල සමග ගනුදෙනු නොකැරෙන නිසයි. මට මේ බුකිවාසින් සමග එහෙම බැදීමකුත් නැති නිසා මං මට ඕන දේ කියනවා.
සමාජයට විවිධ විදිහට බලපෑම් කළ චරිත මියගියාට පස්සේ ඒ මැරුණු අයට ගහලා වැඩක් නැහැ කියල අපි දන්නවා. ඒත් අපි ගහන්නේ ඒ මැරුණු මිනිසුන්ට නෙමෙයි. මැරුණට පස්සේ ඉන්න අය ඔවුන් වීරයන් විදියට වළලන්න හදන එකට. මේ ලංකාවේ වාමාංශික කියාගන්නා රැඩිකල් හිගන්නෝ අතර වීරයෙක් වෙන්න සුනිල් ශාන්තලා, අමරදේවලා, වගේ කැප කිරීම් කරන්න ඕන නෑ. ඔවුන් වගේ දුර ගමනක් එන්න ඕන නෑ. දයානන්ද ගුණවර්ධනලා ,ඇල්විටිගලා , කේමදාසලා, වගේ නිර්මාණ කරන්න ඕන නෑ. ඕන ගොනෙකුට කරන්න පුළුවන් මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් කළාම ඇති.
එළිපිට අරක්කු සිගරට් බිව්වම ඇති. ශ්‍රී මහා බෝධිය ළග අඩියක් ගහන්න ඕන කිව්වම ඇති. මේක සිංහල බෞද්ධ රට නෙමෙයි කිව්වාම ඇති. සමලිංගික සෙවනය අයිතියක් විදිහට පිළිගත්තාම ඇති. ජේතවනාරාමයේ කුණු පුරවන්න ඕන කිව්වාම ඇති. ප්‍රසිද්ධ ස්ථානයක ලිංගිකව හැසිරුනත් මාර වීරයෙක් වෙන්න ඇති. මේ වගේ පොඩි පොඩි දේවල් එකක් දෙකක් හෝ කීපයක් කළොත් ඕනම හිපාටුවකුට විකල්ප ගෝත්‍රයේ ජාතික වීරයෙක් වෙන්න ලොකු වෙලාවක් යන් නෑ. ගිටාරයක් ගහගෙන කුණුහරුප කිව්වොත් මහා ගායකයෙක් වෙන්න පුළුවන්. රමණ වෘත්තාන්තයක් ලියලා අච්චු ගැහුවොත් වසරේ හොඳම නවකතා/කෙටිකතාකාරයා වෙන්න පුළුවන්. මේ නිසා ලෝකයේ සියල්ල දන්නා පඩියන් අතර දාර්ශනික වීරයෙක් වෙන එකට ලොකු මහන්සියක් වෙන්න ඕන නැහැ. මැන්ඩලා , ගාන්ධිලා, වගේ කැපකිරීම් කරන්න ඕන නෑ.
සුනිල් පෙරේරත් මුන්ට වීරයෙක් වුණේ ඔහු කණ්ඩායම් සංගීතයට, බයිලා සම්ප්‍රදායට කරපු දේවල් නිසා නෙමෙයි. නිරාගමික හොරණෑව පිඹිමින් කුරුස ගහගෙන බෞද්ධ සංස්කෘතිය විවේචනය කරපු දෙබිඩි පිළිවෙත නිසා. රට, වේදිකාවල හෙළුවෙන් ගෑනු නටවපු නිසා. පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්න පිස්සුද අහපු නිසා. මේක සිංහල බෞද්ධ රට නෙමෙයි කියපු නිසා. වික්ටර් රත්නායකත් මොවුන්ට වීරයෙක් වුනේ ඔහු ගීත සාහිත්‍යට දක්වා තිබෙන අනූපම දායකත්වය නිසා නෙමෙයි. බාල ලියක් කසාද බැන්ඳ නිසා. එතකම් වික්ටර් ඔවුන්ට සිංහල බෞද්ධ ජාතිවාදියෙක්. ඒ නිසා මංගලලා සුනිල්ලා මැරිලා ගියේ නිකම්ම නෙමෙයි ඔවුන්ට ආවඩන විකල්ප රැඩිකල් කල්ලිය මොන තරම් ගොබ්බ මිනිස්සු ටිකක්ද කියලා රටට පෙන්නලා දීලා. ඒ නිසා මේ ගොබ්බ රැඩිකල් නඩය අධිනිශ්චය කරන අය වීරයන් විදිහට වළලන්න අපි ඉඩ දියයුතු නෑ. බය නැති අය කට අරින්න.
©|රත්තනදෙණියේ මේධානන්ද හිමි|2021.09.09



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More