දේශීය පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා සිටින්නේ චීනය සමඟ ශ්‍රී ලංකා රජය පවත්වන රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක චීනයේ සතුරන් ශ්‍රී ලංකා රජයේද සතුරන් වීමේ අනතුරක් පවතින බවයි. එම ලිපිය මගින්, අපගේ බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ අවශ්‍යයතාවය උන් වහන්සේ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙන්වා දෙනු ලබන්නාහ. සම්පූර්ණ ලිපිය පහතින්…

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

2021 සැප්තැම්බර් 9

ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට සිදුකෙරෙන කුමන්ත්‍රණ සහ අන්තවාදී බලපෑම සම්බන්ධවයි.

ජනාධිපති තුමනි,

පසුගිය වසර 5ක “යහපාලන රජය” සමයේදී බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ අකර්මන්‍ය කිරීම හේතුවෙන් සහරාන් ප්‍රමුඛ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්වලට පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය රට තුල නිර්මාණය වූ බව අපි දනිමු. එබැවින් යලිත් එවන් ප්‍රහාරයක් රට තුල සිද්ධ නොවීම සඳහා බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ ඉතා සවිමත්ව තබාගැනීමේ අවශ්‍යතාවය බොදු බල සේනා සංවිධානය ලෙස අප අවධාරණය කර සිටිමු. බුද්ධි අංශ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් මා හට සිරබත් වැළඳීමට පවා අතීතයේ දී සිදුවුව ද තවදුරටත් කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී සිටිමි.

පසුගිය කාලයේ කොරෝනා වසංගතය පවතින අවස්ථාව තුල ද ගෝලීය දේශපාලන ක්‍රියාවලියක් අපගේ මාතෘ භූමියට අතපෙවීමට ගන්නා උත්සහයක් නිරීක්ෂණය විය. රට ස්ථාවර රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම අස්ථාවර කිරීම සඳහා විවිධ ස්වරූපයේ ක්‍රියාකාරකම් එකම අරමුණකින් ක්‍රියාත්මක වෙන ආකාරයක් සියුම්ව බැලීමේදී නිරීක්ෂණය විය.

චීනය සහ ශ්‍රී ලංකා රජය ඉතා මිත්‍රශීලි ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ගෝලීය වශයෙන් චීනයේ සතුරන් ශ්‍රී ලංකාව සතුරු රාජ්‍යයක් ලෙස සලකා ක්‍රියාත්මක වීම පිළිබඳව බරපතල අවිශ්වාසයක් ගොඩනැගෙමින් පවතී. එමනිසා, ශ්‍රී ලංකාව තුල සිදුකෙරෙන විදේශීය බුද්ධි අංශ ක්‍රියාකාරකම් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වීමේ වැදගත්කම ඔබතුමාගේ අවදානයට යොමු කරන්නට කැමැත්තෙමි.

කොටි ත්‍රස්තවාදීන් සමග පැවති යුද්ධයේදී රට පුරා ප්‍රහාර රැසක් එල්ල විය. එම ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ සිදුකරණවා වගේම කොටි ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීම ඉලක්ක කරගෙන සිදුකල ක්‍රියාන්විත හේතුවෙන් අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට හැකිවිය. ඒ ආකාරයෙන්ම ඉස්ලාම් අන්තවාදය තුලින් ත්‍රස්තවාදීන් බිහිවීම වැලැක්වීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත. ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාදාමයන් සියුම්ව කඩිනමින් සිදුකල යුතුය.

ඉස්ලාම් ආගමේ නාමයෙන් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකල පාස්කු ප්‍රහාරය මේ වනවිට දේශපාලන පා පන්දුවක් බවට පත්ව ඇත. ඒ තුලට මේ වනවිට ගෝලීය දේශපාලනය රිංගා ඇති ආකාරයක් දක්නට ලැබේ. ප්‍රහාරය එල්ලකිරීමට මූලික වූ “මිනීමරු ඉගැන්වීම්, මිනීමරු න්‍යායයන්” පිළිබඳව කිසිදු වග විභාගයක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නැත. හුදෙක් රට තුල අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට පාස්කු ප්‍රහාරය සැලසුම් සහගතව භාවිතා කරන ආකාරයක් මෙන්ම දැන හෝ නොදැන ආගමික නායකයන් ඇතුළු යම් යම් බලවේග ඒ සඳහා යොදාගන්නා ආකාරයක් ද නිරීක්ෂණය වේ.

සිවිල් සංවිධාන සහ පුද්ගලයින් මගින් ආරක්ෂක අංශ අධෛර්යයට පත්වන ආකාරයේ ක්‍රියාදාමයක් දියත්කර ඒ තුලින් ජාතික ආරක්ෂාව අනතුරට හෙලීමේ සැලසුම් රට තුල ක්‍රියාත්මක විය හැකිය. ඉතා කුඩා ආරක්ෂක හිදැස් වලින් රිංගා “පාස්කු ප්‍රහාරය” වැනි අන්තවාදී ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇත. එබැවින් අන්තවාදය මගින් ගොඩනැගෙන ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කෙටි කාලීන විසඳුමත්, රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන ඒවා තහනම් කර, අන්තවාදය ව්‍යාප්ත කිරීමේ අවස්ථා අවහිර කර දීර්ඝ කාලීනව ආරක්‍ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

ස්තුතියි,
තෙරුවන් සරණයි…!!

රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි
මහ ලේකම් – බොදු බල සේනා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More