ලබන 13 වනදායින් පසු රට නැවත විවර කිරීමට රජය සැලසුම් කරමින් පවතින බව වාර්තා වේ.
මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පහළ අගයක් ගැනීමත් වේගවත් එන්නත්කරණය හරහා වෛරසයෙන් ජනතාව ආරක්ෂා වීමත් සැලකිල්ලට ගෙන ලබන 13න් වනදායින් පසුව ඇඳිරි නීතිය ඉවත් කරමින් රට නැවත විවර කිරීමට රජයේ අදහස වී ඇති බවද වාර්තා වේ.
මේ අතර, 13 වන දා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව වෛද්‍ය හේමන්ත හේරත් මහතාද ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඉදිරි සතිය තුළ මෙරට පවත්නා තත්ත්වයත් සමඟ 13 වනදා රට විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව එතුමා සඳහන් කර තිබෙනවා.
තවදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කර ඇත්තේ 13 රට විවෘත කළ ද තමාට හැකි උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කරන ලෙසත් මෙම වසංගත තත්වය මැඩ පවත්වා ගැනීමට තමන් සතු උපරිම උත්සාහය ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මෙලෙස රට වසා තැබීම මගින් විශාල පිරිසක් අපහසුතාවයට පත්වන බවත් එතුමා ඇතුළු කමිටුව දන්නා බවත් සදහන් කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...