නීතිවිරෝධීව මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබූ ඔක්සිමීටර් තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට භාණ්ඩ නිෂ්කාසන අංශයේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන ඇත.
පසුව රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් පිටවීමේ දොරටුවේ දී මෙම භාණ්ඩ තොගය පරීක්ෂා කර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත්ය.
ඒ අනුව අදාළ භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමේ දී එහි තිබී පෙට්ටි 21ක අසුරන ලද ඔක්සිමීටර් 4,200 ක තොගයක් සොයා ගෙන තිබේ.
මෙම ඔක්සිමීටර් තොගයේ වටිනාකම රු. 2,344,642කි.
සැකකරු ඊයේ (07) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...