දේශීය පුවත්

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට දැනුම් දී තිබේ.

ඒ ශ්‍රී ලංකාව කොවිඩ් අවදානම සම්බන්ධයෙන් 4වන මට්ටමේ එනම් ඉහළම අවදානම් රටවල් අතරට නම් කරමිනි.

ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෘනායි යන රටවල් ද අමෙරිකාව විසින් ඉහළ අවදානම් රටවල් අතරට ඇතුළත් කර තිබේ.

අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම් පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු වියයුතු බව අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට ද වෛරසය ආසාදනය වීමේ හැකියාව මෙන්ම පැතිරවීමේ හැකියාව ද පවතින බව ඔවුන් පෙන්වාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More