දේශීය පුවත්

මාලදිවයිනේ දූපතක් ගොඩකිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි එරටට යැවීමේ ජාවාරමකට නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රිවරයා (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහු ඉන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට යොමු කිරීමේ ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට මන්ත්‍රිවරයෙකු කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම වගකීමක් ඇති අමාත්‍යවරයෙකු ලෙස තමා අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර පවතින අණ පනත්වලට අනුව මෙරට සම්පත් නීතිවිරෝධී ආකාරයෙන් පිටකිරීමේ හැකියාවක් නොමැති බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අදාළ චෝදනාව රාසමානික්කම් මන්ත්‍රිවරයා විසින් ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් මෙන්ම මන්ත්‍රී ධූරයෙන් ද ඉවත්වීමට සූදානම් බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More