අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලි සංචාරය අතර තුර අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව අග‍්‍රමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම වාර්තා අසත්‍යය බවයි.
සම්පූර්ණ නිවේදනය…
අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය තුළ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයයි
ඉතාලියේ සංචාරයකට එක්වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය වේ.
බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබේ.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
කෙසේ වුවද,
අග්‍රාමාත්‍යවරයාගේ යෝජිත වතිකානු සංචාරය පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී (07) අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය.
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මාද්‍යය සාකච්ඡාවේදී පැවසුවේ යෝජිත සංචාරයේදී ද්විපාර්ශවීය කරුණු කාරණ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත්, පාස්කු ප්‍රහාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සිදුවන බවය.
මේ සම්බන්ධව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (08) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින්,
“විදේශිය රටවල් පවා ඒ වගේ ම ශුද්ධෝත්තම පාප්වහන්සේ පවා නොමග යවන්නට බොරු කියලා අපි බලාපොරොත්තු වෙන යුක්තිය ඉටුකොට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යටගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. මේ රජය පරීක්ෂණ යටගහන උත්සහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක වීමක් අපිට පෙනේනට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා.” යනුවෙන් පවසා සිටියෝය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...