පුරවැසි කොලම

(“The Economist” වෙබ් අඩවියේ පලවූ “After Afghanistan, where next for global jihad?”

 ලිපිය ජාත්‍යයන්තරව ක්‍රියාත්මක ජිහාඩයේ නව ප්‍රවනතා පිළිබඳව කෙරෙන විග්‍රහයකි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස.)

යේමනයේදී ඔවුහු ගිනි කෙළි පැවැත්වූහ. සෝමාලියාවේදී ඔවුහු රස කැවිලි බෙදා දුන්හ. සිරියාවේදී  ඔවුහු ජිහාඩය මගින් “සාපරාධී පාලනය බිඳ දැමීමට” තලේබාන්වරු ප්‍රායෝගිකව සපයන “ජීවත් වීමේ රටාවේ උදාහරණය” අගය කළහ. ලෝකය පුරා විසිරී සිටින ජිහාඩ්වරු කාබුල් බිඳ වැටීම පිළිබඳව ප්‍රීති ඝෝෂා පවත්වති.අධිෂ්ඨානය, ඉවසීම සහ උපායශීලිත්වය මගින් “අඩු වියදම්” ලේබලයට ගොනුවූ අල්ලාහ් දෙවියන්ට කැප වූ  රණ විරුවෝ අමෙරිකාව පරාජය කර මධ්‍යයම පරිමාණයේ රටක බලය අත්පත් කර ගත්තාහ.  අල්ලා දෙවියන් විශ්වාස නොකරණ අයවළුන් පලවා හැර ලෞකික ආශ්වාදය පිණිසම ගොඩනැගුණු රාජ්‍යයක් පෙරලා දැමීම ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ජීවත් වන  මුස්ලිම්වරුන්ට අල්ලා දෙවියන් වහන්සේ අනුමත කළාවූ උත්තම ක්‍රියාවකි. කාබුල් නුවර බිඳ වැටීමෙන් පසු  රැලි පිට රැලි නගින මුස්ලිම්වරුන්ගේ ආශ්වාදයේ තරම ඉතා නුදුරේදීම සමස්ත ලෝකයටම දැක ගත හැකිවීම අනිවාර්ය සත්‍යයකි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇතිකළ අවුල් ජාලාව හේතුවෙන් කාබුල් ගුවන් තොටුපලට එක් රැස් වූ ඇෆ්ගනිස්ථානයෙන් පලා යාමට පැමිණි ජනයාගේ ඝෝෂාව සංසිඳවීමට ගෙවීමට නියමිත ඉදිරි කාලයේදී ක්‍රියා මාර්ග තේරීමට ඔහුටම සිදුවනු ඇත.එය ඔහුගේ ජනාධිපති දූර කාලය සඳහා වන අවදානම් මොහොතකි. සමස්ත ලෝකයටම නුදුරු අනාගතයේදී දීර්ඝ කාලයකට අමෙරිකානු “නින්දාවේ” සිට “ජිහාදයේ” නැගීම සම්බන්ධයෙන් ගනු දෙනු කිරීමට සිදුවනු ඇත. ප්‍රධාන අනතුර වන්නේ 2001 සැප්තැම්බර් 11 වනදා ප්‍රහාරයට ඇෆ්ගනිස්ථානයේ භූමිය යොදා ගෙන බටහිර ලෝකයට පහර දීම  වැනි දැවන්ත භයානක ක්‍රියා නොවන්නේය. මක් නිසාද යත් එවැනි ආකාරයේ පහර දීම් වැලැක්වීමට තරම් පොහොසත් රටවලට දියුණු ආරක්ෂක උපාංග සහ ක්‍රමවේදයන් ඇති බැවින් ජිහාඩ් සොල්දාදුවන්ට ඒවා අසීරු කාර්යන් වන බැවිනි. මීට අමතරව තලේබාන්වරු  ජාත්‍යයන්තරවාදී ඉස්ලාම් අන්තවාදීන්ට දැවැන්ත පුහුණු කඳවුරු ඇෆ්ඝනිස්තාන භූමිය මත ස්ථාපිත කිරීමට අපේක්ෂා නොකරන්නේ ඔවුන් එම කාර්යට වඩා ජාත්‍යයන්තර පිළිගැනීම සහ ජාත්‍යයන්තර ආධාර උපකාර වලට ලොල් වන බැවිනි.

තලේබාන්වරුන්ට විදේශීය සුන්නි ජිහාඩ්වරුන්ට ආගන්තුක සත්කාර කිරීමට ඇති හැඟීම්බර බැඳීම සහ තම සහෝදර පකිස්ථාන සටන්කාමීන්ට ලබා දෙන මානසික ශක්තිය, පකිස්ථානය වැනි න්‍යෂ්ඨික අවි බලය සහිත රාජ්‍යයක් දුර්වල කිරීමට හෙවත් ඉස්ලාම් අන්තවාදයට නතු කිරීම දක්වා දුර දිග යනු ඇත. නමුත් ඇෆ්ගනිස්ථානයෙන් පිටත ප්‍රධාන වශයෙන් රැලි නගන ප්‍රපංචය මනෝවිද්‍යාත්මක ප්‍රපංචයකි.එනම්  තලේබාන්වරු ඇෆ්ඝනිස්ථානයේදී ලබාගත් ජයග්‍රහනය වෙනත් රටවල වෙසෙන ජිහාඩ් සටන්කාමීන්ගේ අධිෂ්ඨාන ශක්තිය දෙගුණ තෙගුණ කරණු ඇත. එමගින් ජිහාඩ්වරුන්ට  නව සාමාජිකයන් එක්වීම තීව්‍ර වනු ඇත. බටහිර රටවල ජීවත්වන එවැන්නන් ත්‍රස්තක්‍රියා වලට ආශ්වාදජනකව පෙළෙඹෙනු ඇත. එම රටවල දේශපාලන මාර්ග සිතියම් විකෘති කිරීමට එවැනි ප්‍රහාර විශාල ගණනක් අවශ්‍යය නොවනු ඇත.

අමෙරිකානු සට්ටැඹිරාලලා

දුර්වල පරිධියේ රටවල් සම්බන්ධයෙන් තත්වය බටහිර රටවලට වඩා බොහෝ සේ නරක අතට හැරෙනු ඇත.එම රටවලදී ජිහාඩ්වරුන්ගේ අපේක්ෂාව හුදු මනුෂ්‍යය ඝාතනය පමණක්  නොවනු ඇති අතර  ඒ වෙනුවට ඔවුහු සමස්ත දේශයම ඔවුන්ගේ අරමුණුවලට සාපේක්ෂව පාලනය කිරීමට අවශ්‍යය කටයුතු සූක්ෂමව  සම්පාදනය කරණු ඇත. එසේ නොවන්නේ නම් එම රටවල් ආරක්ෂණ පියවරයන්ට යාම වලක්වාලනු ඇත. පකිස්ථානය, යේමනය, සිරියාව,නිජීරියාව,මාලි, සෝමාලියාව සහ මොසැම්බික් රාජ්‍යය වලදී දැනටමත් මෙම උපක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටිති.ආසියාවේ සමහර ප්‍රදේශවල පිහිටි රටවලට , අප්‍රිකාවේ සහ මැද පෙරදිග රටවලට ඔවුන්ගේ උපක්‍රමයන් ක්‍රියාත්මක කරණ ලෙසට තර්ජනය කරමින් සිටිනු දක්නට ඇත. එම රටවල සිටින ජිහාඩ්වරුන්ට, අපගේ ඇෆ්ගන් සහෝදරවරුන්ට අමෙරිකාව වැනි සුපිරිවෙඩි බලයක් සහිත බලවත් හමුදාවක් සිටින පාලකයන් පරාජයට පත් කිරීමට හැකි වූවා නම් මෙවැනි දුර්වල  කාලකන්නි පාලකයන් පරාජය කිරීමට අපටද නොහැකිද? යන පැනය මනසට ඇතුල් කරමින් සිටිති.

ජිහාඩ්වරු සියළු දෙනාම එක සමාන අදහස් දරන්නන් නොවෙති. ඉස්ලාම් ධර්මයේ ඇති සමහර ධර්ම කරුණු සම්බන්ධයෙන් එකිනෙකා අතර බොහෝ නොගැලපීම් ඇත්තේය. ඔවුන් එකිනෙකා පිළිකුල් කරණ බොහෝ කාරණා ඇති අතර ඒ නිසාම එකිනෙකාට විරුද්ධව සටන් කරති. ඉස්ලාමික රාජ්‍යය සිහිනය දකින්නන්ට  සහයෝගය දක්වන්නන් තලේබාන්වරුන්ව අතිශය විහිලු සහගත ලෙස සමච්චලයට ලක් කරති. ඔවුනට අනුව තලේබාන්වරු යනු අමෙරිකානු සට්ටැඹිරාලලාය. අගෝස්තු 15 වනදා අමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් පිටවූ වහාම තලේබාන්වරු පළමුව කළ කාර්යන් අතර ඉහලින්ම තිබුණේ කාබුල් නුවර බන්ධනාගාරයක සිර ගත කර තිබූ ඉස්ලාමික රාජ්‍යයේ දකුණු ආසියානු කලාපයේ නායකයා සිර මැදිරියෙන් එලියට ඇද ගෙන විත් ඝාතනයට ලක් කිරීමයි.

බොහෝ ජිහාඩ් කණ්ඩායම් ප්‍රාදේශීය වශයෙන් පැන නැගී ඇති දුක් ගැනිවිලි හේතුවෙන් අභිප්‍රේරණය වූවන්ය. එම අභිප්‍රේරණ කරුණු අතර කොල්ලකාරි රාජ්‍යය පාලනය,වාර්ගවාදි හෝ නිකායවාදී බෙදීම්, ඉස්ලාම් ධර්මය විශ්වාස නොකරණ ආක්‍රමණිකයන් වැනි කාරණා වන බව දකින්නට ලැබේ. මේ අතර ඔවුහු ලෝක පරිමාණව නිර්මානය කර ඇති ප්‍රබන්ධ වලටද නිරන්තරයෙන් නිරාවරණය වී සිටිති.ජිහාඩ්වරු අත තිබෙන ජංගම දුරකතන වලට නිරන්තරයෙන් දිනපතා ලෝකයේ කොතැනක හෝ සිටින මුස්ලිම්වරයෙකු මුහුණ දෙන අප්‍රසන්න සිද්ධි වල ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලැබෙන්නේය. ඒවා අතර චීනයේ ක්ෂින්ජින් ප්‍රාන්තයේ කම්කරු කඳවුරුවල සිටින කම්කරුවන් මුහුන දෙන අනතුරු හෝ ගසා තීරයේ සිදුවන අප්‍රසන්න මානව විරෝධී සිද්ධි වල ඡායාරූප හෝ වීඩියෝ දර්ශනද වෙති.ජිහාඩ්වරු ලෝකයේ කොතැනක හෝ තැනක ජයග්‍රහනයක් ලබන්නේද ඒවායේ දර්ශනද දැකීමෙන් උද්දාමයටත් එතැනින් නොනැවතී ක්‍රියාත්මක වීමටත් ස්වයං පෙළඹවීමටද ලක් වෙති.

ඇෆ්ඝන් ආර්ථිකය දම්වැල් වලින් බැඳ දමලා

දූෂිත ආණ්ඩු ජිහාඩ්වාදයට නව කවුලු විවෘත කරන්නාහ. යම් රාජ්‍යයක් අධර්මිෂ්ඨ වන විට එම රාජ්‍යයේ ජීවත් වන සාමාන්‍යය ජනයා ජිහාඩ්වරුන් පාලනය කරණ රාජ්‍යයක් එම අධර්මිෂ්ට රාජ්‍යයට වඩා යහපත් වනු ඇතැයි සිතති. එවිට, එම ජනයා ආයුධ සන්නද්ධව ජිහාඩ්වරුන් සමඟ සටන් බිමට නොගියද ඔවුන්ගේ සහයෝගය ජිහාඩ්වරුන්ට ලබා දෙන්නේය.ඇෆ්ගනිස්ථානයේ ඈත ගම් බිම් වල ජීවත් ජනයා තලේබාන්වරු සාධාරණ පාලනයක් ගෙන යනු ඇතැයි විශ්වාස කරති. එහිදී තලේබාන්වරු කෙතරම් කර්කෂ වුවත් බලයේ පවතින රජයේ  නීතිය ක්‍රියාත්මක කරන  ආයාතන වලට වඩා කාර්යක්ෂම සහ ඔවුන්ට වඩා දූෂණ ක්‍රියාවලින් අඩු මට්ටමක තලේබාන්වරු සිටින බව සිතති. එලෙසම තලේබාන්වරුන් විසින් පවත්වාගෙන යන මුර කපොලු රජයේ හමුදා විසින් පවත්වාගෙන යන මුර කපොලු වලට වඩා කොල්ලකාරී බවෙන් අඩු යැයි සිතති.මෙවැනි හේතු තලේබාන්වරුන්ට අවසන් සටනේදී ඇෆ්ගනිස්ථාන ජනයාගෙන් අඩු විරෝධයන් එල්ල වීමට හේතු විය.  අනෙක් කාරණය මනෝ විද්‍යාත්මක කාරණයකි. එම කාරණයට අනුව අමෙරිකානු හමුදාව ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වූ විට සාමාන්‍යය ඇෆ්ගන් වැසියාට අතුරුදහන් වූ හේතුවක් වෙනුවෙන් සටන් කිරීමට අවශ්‍යය නැත. මෙම සිද්ධාන්තයම ලෝකයේ වෙනත් තැන් වලද යොදා ගන්නා ආකාරය දැකිය හැක. නැගෙනහිර නයිජීරියාවේ ජිහාඩ්වරුන්ට එරෙහි සටන ඉතා දුෂ්කර වී ඇත්තේ සාමාන්‍යය ජනයා නයිජීරියාවේ මධ්‍යයම රජය පිළිකුල් කරන නිසාත්  රජයේ  හමුදාවේ සිටින නිලධාරිහු තමන්ගේ හමුදාව සතු ආයුධ ගරිල්ලා භටයන්ට විකුණා එම මුදල් තම පසුම්බියේ දා ගැනීම සුලබ වීමත් නිසාය.

ජිහාඩ්වරු කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගත්තද ආණ්ඩු පවත්වා ගෙන යාමේදී ඔවුන්ගේ දෘෂ්ටිවාදයන් බල පවත්වාගෙන යාම අතිශය දුෂ්කර බව ලෝකයට ඔප්පු කර තිබේ. ජිහාඩ්වරුන්ගේ අභිලාශය වන අංග සම්පූර්ණ සැදැහැවත් රාජ්‍යයක් බිහි කිරීම සහ අනුකම්පා විරහිත නොඉවසිල්ල  පළමුව සඳහන් කළ අභිලාශයෙන් විතැන් වන්නේය.ඒ වෙනුවට ප්‍රායෝගික එහෙත්  දුෂ්කර සමගි සම්මුතීන්ට එළඹීමට තත්වයන් විසින් බල කරණු ලබන්නේය. ඉරාකයේ දැවැන්ත කොටසක් සහ සිරියාවේ කොටසක් එක් කර සැදූ ඉස්ලාමික රාජ්‍යය පැවතුනේ යංතමින් වසර තුනක් පමණි.ජිහාඩ්වරුන්ගේ පුරුද්දක් වූ කූඩුවලට ගාල් කර මිනිසුන් මරා දැමීමේ ම්ලේච්ඡ ක්‍රියා ජිහාඩ්වරු වෙත අනුකම්පාසහගත ආකල්පයක සිටි සුන්නි මුස්ලිම්වරු ජිහාඩ්වරුන්ගෙන් විතැන් වීමට හේතු කාරණා විය. මීට අමතරව ඉස්ලාමික රාජ්‍යයේ නියමු ජිහාඩ්වරු ඉස්ලාමික රාජ්‍යයේ ආර්ථික ක්‍රියාවලියේදී මංකොල්ල කෑම සහ පැහැර ගැනීම හැරෙන්නට ආර්ථිකය් උද්දීපනය කිරීම පිණිස කිසිවක් කිරීමට දැන සිටියේ නැත. එම තත්වය ඉස්ලාමික රාජ්‍යයට පිටතින් සිටි බලය හොබවන්නන් තැති ගැන්මට පත් කළ අතර අවසානයේදී ෂියා ඉරාක්වරු සුන්නිවරුන් සමඟ එක්වී ජිහාඩ්වරු සහ ඉස්ලාමික රාජ්‍යය තලා පොඩි පට්ටම් කර දමනු ලැබීය.

තලේබාන්වරු භයංකාර පාලකයන් බව ඔවුන්ගේ අතීත භාවිතාවන් විසින් දැනටමත් ලෝකයට ඔප්පු කර හමාරය.එකම කාරණය ඔවුන් අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගෙන ඇතිද යන්නයි. ජිහාඩ්වරුන්ට යම් කිසි රටක බලය අත්පත් කරගැනීම පමණක් නොව එම රට එහි වැසියන්ට දරා ගත හැකි ලෙස පාලනය කර ගත හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කළ හොත් එය ලෝකය පුරා වෙසෙන අනෙකුත් ජිහාඩ්වරුන්ට පහන් ටැඹක් වන්නේය.ජේෂ්ඨත්වයෙන් ඉහළ තලේබාන් නායකයෝ සියලු දේ දෙස ප්‍රායෝගිකව නෙත් හෙලන ස්වභාවයක් මෙන්ම මානව අයිතීන් වලට ගරු කරන්නන් බවට පත් වීමට තත්වයන් විසින් බල කරණ ස්වභාවයක් ඇෆ්ගනිස්ථානයේ දක්නට ලැබේ. නමුත් තලේබාන්වරුන්ගේ දුෂ්කර කාලය ඉදිරියට පැමිණීමට නියමිතය. පාබල තලේබාන් සොල්දාදුවෝ දැනටමත් ඇෆ්ගනිස්ථානයේ දාමරිකකම් කරමින් සිටින බව මාධ්‍යය වාර්තා දෙස් දෙයි. බොහෝ නාගරික ඇෆ්ඝනිස්ථාන ජාතිකයෝ  නිදහසේ  ඇඳ පැළඳීමට රුචිකත්වයක් දක්වති. එලෙසම නාගරික ඇෆ්ඝනිස්ථානුවා ස්ත්‍රී පුරුෂ භේදය නොසලකා පවතින රජයේ අලුත් පරණ බව නොසලකා රැකියා කිරීමට, අධ්‍යාපනය ලැබීමට දැඩි රුචිකත්වයක් දක්වති. මේ අතර මුදල් ගලා යාම අමෙරිකාව විසින් නවතා දමා ඇති නිසා ඇෆ්ඝන් සමාජය තුළ දැඩි මුල්‍යය අර්බූදයක් හට ගෙන තිබේ. එනිසාම ඇෆ්ඝන් ආර්ථිකය දම්වැල් වලින් බැඳ දමා ඇතිවාක් මෙනි.ඇෆ්ඝන් සමාජයේ භාන්ඩ හා  සේවා මිළ සීඝ්‍රයෙන් ඉහළ නගිමින් තිබේ.ඒ අනුව තලේබාන්වරුන්ට ඇෆ්ඝනිස්ථානු ආර්ථිකයට පුනර්ජීවනයක් ලබා දීමට හැකි වැදගත් අදහස් උපද්දවා ගැනීමට සිදුවනු ඇත. තලේබාන්වරු පුහුණු ශ්‍රමිකයන් රටෙන් පිටව නොයා යුතු යැයි තර්ජනාංගුලි එසවුවද පුහුණු ඇෆ්ගන් ශ්‍රමිකයන්ට වෙනමම අදහස් තිබෙනවා විය හැක.

ජිහාඩ්වරුන්ට දිව්‍යයලෝක

ඇෆ්ගන් අභාවාචකය තුළ වන පාඩම නම් දුර ඈත තිබෙන කඩා වැටෙන රටක සිදුවන මානව ඛේදවාචකයක් එම රටේ ජනයාට පමණක් නොව සමස්ත ලෝකයටම බලපාන බව යන්නයි.කාබුල් නුවර අද සිදුවන ව්‍යයසනය යනු දැවැන්ත අවතැන්වූවන් ප්‍රමාණයක් දෝරේ ගලායාමට ඉඩ හැරෙන කාල පරිච්ඡේදයක ආරම්භයයි.ඒ අතරම වැඩි වැඩියෙන් ජිහාඩ්වරුන්ගේ ප්‍රහාරවල පහස ලෝකය පුරාම  ලැබෙන මෙන්ම ලෝකය පුරා තැන් තැන් වල ඉස්ලාමීය කැරලිකාරිත්වයන් පැන නගින කාල පරිච්ඡේදයයි. මෙම නව තත්වය විසින් ලෝකය පුරා බොහෝ රටවල්  ගණනක් අස්ථාවර වීමට නියමිතය. ඒ නිසාම එම රටවල ස්වදේශික ජනයා මෙන්ම එම රටවලට ව්‍යාපාර සඳහා පැමිණෙන ජනයාද දැඩි අනතුරක හෙලනු ඇත.

එමගින් උගන්වන අනෙක් පාඩම නම් ජිහාඩය පරාජය කිරීමට පූර්ණ යුදමය  අවතීර්ණය  මගින් ජිහාඩය පරාජය කිරීමට අවශ්‍යය බිම අඩු සාරවත් බවකින් සකසන ක්‍රියාවක් බවට පත්වන බවයි.දිගු කාලීන විසඳුම නම් අඩු භයානක අඩු විශේෂත්වයන් සහිත ජාතික රාජ්‍යයන් නිර්මාණය කිරීමයි.ඇෆ්ගනිස්ථානයේ පැවැති ආණ්ඩුව සාපේක්ෂව දූෂිත භාවයෙන් අඩු, අදක්ෂ භාවයෙන් අඩු එකක් වූවා නම්,ගෝත්‍රික කණ්ඩායම් නායකයන් සමඟ ගනු දෙනු කිරීමේදී වඩාත් නම්‍යයශීලීභාවයක් පෙන්නුම් කළ යුතුව තිබුණි. ඒ අනුව උතුරු දිග මොසැම්බික් රාජ්‍යය,දකුණු දිග තායිලන්තය,කාෂ්මීරය හෝ සහරානු කළාපයේදී ගෙවන ලද අධික මිළ වෙනුවට මෘදු මොළොක් පාලනයක් ගෙන යා හැකිව තිබුණි නම් එම ප්‍රදේශයන් ජිහාඩ්වරුන්ට දිව්‍යයලෝක බවට පත්වීමද වලක්වා ගත හැකිව තිබුණි.

ජිහාඩ් අනතුරට මුහුණ දී සිටින බොහෝ රටවල රාජ්‍යය පාලනය ඉහළට ඔසවා තැබීම ලේසි පහසු නැත. මක්නිසාද යත් එම රටවල් දේශගුණික විපර්යාස හේතුවෙන්ද පීඩනයට පත්ව සිටින බැවිණි.නිරන්තරයෙන් ඇතිවන නියඟ තත්වයන් හේතුවෙන් ජලය සහ තනබිම් ආශ්‍රිතව ඇතිවන ගැටුම් විසින් මහජනයා අතෘප්තියට පත්වීම තව තවත් තීව්‍ර කර ඇත. මුල්‍යය ප්‍රදානය කරණ ආයාතන වලට උපදෙස් සහ මුදල් ප්‍රදානය කළ හැකි නමුත් අවසාන අර්ථයේදී ස්වදේශිකයන් විසින් එම යෝජනා සහ ලබාදෙන මුල්‍යය ප්‍රතිපාදන භාවිත කළ හැකි යාන්ත්‍රණය සකස් කළ යුතුය.රාජ්‍යයන් විසින් මහජනයාගේ මූලික සේවාවන් සහ නීතිය සහ සාධරණත්වය ස්ථාපිත නොකරණ තාක් කල් ජිහාඩ්වරුන්ගේ සයිරන් නලාවෙන් නැගෙන හඬෙහි තීව්‍රරත්වයට සාමාන්‍යය ජනයා වශී වීම වැලැක්විය නොහැක.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More