දේශීය පුවත්

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය මිල්කෝ සමාගම කිරි ගොවියාට කිරි ලීටරයකට ගෙවන මිල රුපියල් 80 දක්වා අඩු කිරීමට තැත් කරණ බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කළ ප්‍රකාශ කළ බව වාර්තා කළේය.

අනුරාධ තෙන්නකෝන් මහතා කළ ප්‍රකාශය සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් මිල්කෝ  සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා අදහස් දක්වා සිටියේය.

” ලංකා ලීඩ් වෙබ් අඩවිය, ජාතික ගොවි ජන එකමුතුවෙහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා විසින් මිල්කෝ සමාගම දේශීය කිරි ගොවියා නිපදවන කිරි ලීටරයකට ගෙවන මුදල රුපියල් 80 දක්වා පහත දැමීමට කටයුතු කරන බවට වාර්තා කර තිබුනා. එලෙසම එම ප්‍රවෘත්තියේම වෙනත් තැනක මේ වන විටත් දේශීය කිරි ගොවියාට කිරි ලීටරයකට රුපියල් 100ක් ගෙවන බවත් සඳහන් කර තිබුනා. ඒ සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස මට පැවසීමට ඇත්තේ මිල්කෝ සමාගම කිරි ගොවියාට කිරි ලීටරයකට ගෙවන මුදල පහත දැමීමට කිසිදු තීරණයක් ගෙන නැහැ කියායි. ඒ අනුව එම ප්‍රවෘත්තිය අසත්‍යයක් බව පැවසිය යුතුයි. මිල්කෝ සමාගම කිරි ගොවියාත් එක්ක ඉන්න සමාගමක්.අපි කිරි ගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරණ සමාගමක්. අපි දැනට වසරක පමණ කාලයක සිට කිරි ගොවියාට විශ්‍රාම වැටුපක් පවා ගෙවීමට කටයුතු කරණ ආයාතනයක්. ඒ වගේම කිරි ගොවියා වෙනුවෙන් මෙවැනි සුභ සාධනයක් සලසන ලංකාවේ තිබෙන කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරණ එකම සමාගම මිල්කෝ සමාගම පමණයි කියා අපට ආඩම්බරයෙන් කිව හැකියි.ඒ වගේම මිල්කෝ සමාගම අළුත් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් කිරි ගොවියාට අවශ්‍යය පෝෂක තෘණ ගොවියාගේ ළඟටම ගෙනැවිත් දීමට කටයුතු කරමින් සිටිනවා. අපි මිල්කෝ සමාගමේ පාලනය භාර ගත් දා පටන් ඉතා අසීරු කොවිඩ් වසංගතය කාලයේදී පවා කිරි ගොවියාගේ කිරි පාරේ හැලීමට ඉඩ දුන්නේ නැහැ. අපි කිරි ගොවියාගේ කිරි ටික කෙසේ හෝ මිලදී ගත්තා.අපේ වගකීම කිරි ගොවියන් ආරක්ෂා කිරීමයි. අපි ඒ වෙනුවෙන් නුදුරු අනාගතයේදීත් අළුත් ව්‍යාපෘතීන් හඳුන්වා දීමට කටයුතු කරනවා.” යනුවෙන්  මිල්කෝ  සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.

මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතාගේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමට අනුව අප වෙත  ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා  අදහස් දක්වා සිටියේය.

” මිල්කෝ සමාගම තවම කිරි ගොවියාට ගෙවන මුදල අඩුකර නැති බව ඇත්ත. නමුත් අප පවසන්නේ දැනට කිරි ගොවියාට මිල්කෝ සමාගම ගෙවන මිල වන රුපියල් 80  ඉහළ දැමීම වලක්වාලීමට කිරිපිටි ආනයනය කරන සමාගම් සමඟ එකඟතාවයකට පැමිණි බවයි. අප පවසා සිටින්නේ දේශීය කිරි ගොවියා අධෛර්යමත් කරණ ක්‍රියා මාර්ග තේරීමට ශ්‍රී ලංකාවට කිරි පිටි ආනයනය කරණ සමාගම් ඉතා සූක්ෂම ලෙස මිල්කෝ සමාගම යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. වෙළෙඳ පොලේ හයිලන්ඩ් කිරි පිටි සොයා ගැනීමට නැහැ. නමුත් මිල්කෝ සමාගම කිරිපිටි නිපදවනවාට වඩා ලාභ දායි වන අයිස් ක්‍රීම්, යෝගට් වැනි නිෂ්පාදන ප්‍රමාණයෙන් ඉහල නැංවීමට කටයුතු කරමින් සිටින බව අප පැවසුවා. නමුත් ඒ සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපතිවරයා අදහසක් කියාවිද කියා අපට නම් සැක සහිතයි. ආනයනික කිරි පිටි ඉතා දැඩි ලෙස පාරිභෝගිකයා ප්‍රතික්ෂේප කරන මේ මොහොතේ මිල්කෝ සමාගම කළ යුත්තේ හයිලන්ඩ් කිරි පිටි නිෂ්පාදනය ඉහළ නැංවීමයි.එසේ කරන බවක් අපට නම් පෙනෙන්නට නැහැ.”යනුවෙන්  ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More