කුරුණෑගල ශීක්ෂණ රෝහල් භූමියේ මහා මාර්ගයට මුහුණ ලා තිබෙන ඉඩම් කොටස පුද්ගලික ආයෝජකයෙකුට ලබා දීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යයවරු චෝදනා කරති.ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් එම වෛද්‍යයවරු සඳහන් කළේ දේශපාලන සම්බන්ධකම් සහිත යම් වෛද්‍යයවරු කණ්ඩායමක් එම ව්‍යාපෘතියට සහයෝගය දක්වන බවයි. රෝහල පිටුපස ඇති රෝහලට අයත් කුඹුරු ඉඩමේ නව ගොඩනැගිලි පද්ධතියක් ඉදිකරණ බව පොරොන්දු වී රෝහල සංවර්ධනය යන පාඨයට මුවා වී මෙම ඉඩම් කොල්ලය සාධාරණීකරණය කිරීමට වග කිවයුත්තන් කටයුතු කරණ බවද එම වෛද්‍යයවරු සඳහන් කරති.
එලෙසම එම වෛද්‍යයවරු පෙන්වා දෙන්නේ කුලියාපිටිය රෝහල ආශ්‍රිතව පිහිටුවා ඇති වෛද්‍යය පීඨය කුරුණෑගල ශික්ෂණ රෝහල් පරිශ්‍රයට ගෙන ඒමේ පොරොන්දුවද ඉහත සඳහන් ව්‍යාපෘතිය පිටුපස සිටින කණ්ඩායම විසින් ලබා දෙමින් සිටින බවයි.
නමුත් එම වෛද්‍යය පීඨය කුලියාපිටියෙන් ඉවතට ගෙන යාමට දැඩි විරෝධයක් ප්‍රදේශවාසීන් විසින් දියත් කර ඇති බවද වාර්තා වේ. තවද එම වෛද්‍යයවරු පෙන්වා දෙන්නේ ඉවත් කිරීමට යෝජිත රෝහලේ සමහර ගොඩනැගිලි වසර 100කට වඩා පැරණි බැවින් ඒවා ඉවත් කිරීමට නම් පුරා විද්‍යා ආඥා පනත උල්ලංඝනය කිරීමද වැලැක්විය නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...