දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී 1980 ගණන් වලදී සම්මත කරන ලද 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසත්‍ය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවට අපහාස කර ඇති නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කථානායකවරයා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදී පාර්ලිමේන්තුව සම්මත කරගත් නීතියක් සම්බන්ධයෙන් ගෙන යන වැරදී ප්‍රචාරය නැවැත්විය යුතු බවද වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

එවකට සිටි කතානායක දිවංගත ඊ.එල් සේනානායක මහතා 14 වන ව්‍යවස්ථා සංශෝධනය යැයි කියමින් තම නිල අත්සන යොදා ඇත්තේ පාර්ලිමේන්තුවෙන් අනුමත කළ ලියවිල්ලකට නොවන බව නාගනන්ද මහතා අධිකරණයට වැරදි ලියවිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එසේම 14 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොවන බවට අසත්‍ය අදහස් පළ කර තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් කතානායකවරයාට දැනුම් දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More