වියත් මග සංවිධානයේ සාමාජිකයෙකු ලෙස හඳුන්වාගත් සහ නම සඳහන් නොකරණ ලෙස ඉල්ලා සිටි මහත්මයෙකු විසින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත චෝදනා මුඛයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ සීනි මංකොල්ලයට වියත් මග සාමාජිකයන් සම්බන්ධ නොමැති බවයි.එහෙත් ඒ සමඟම අත්අඩංගුවට ගත් සීනි වලට කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 31ක් වැඩිපුර ගෙවීම නිවැරදි බව සඳහන් කරමින් ඊට හේතුව ඩොලරයේ මිල ඉහළ යාමේ හේතුව නිසා බවටද තර්ක කළේය.
ඒ මහතාගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් “මම කිසි විටෙක පැවසුවේ නැහැ වියත් මග සාමාජිකයෙකු සීනි මංකොල්ලයට නායකත්වය දුන් බව.මා සඳහන් කළේ වියත් මග සංවිධානයට ආධාර උපකාර කළ ගජ මිතුරන් මේ මංකොල්ලයට සම්බන්ධ බව පමණයි.එම කණ්ඩායම මැතිවරණයට පෙර සිටම යාලු මිත්‍රකම් ගොඩ නගා ගත්තේ මේ මංකොල්ලයට පාර කපා ගැනීම පිණිස බවයි මම කියන්නේ. සීනි බදු මංකොල්ලයට පෙර පොල්තෙල් බදු මංකොල්ලයටත් සම්බන්ධ මෙම පිරිසමයි.ඩොලර් කතාව නිදහසට කරුණක් ලෙස පිලිගන්න බැහැ.ඒ කතාව වලංගු වන්නේ අනාගතයේදී ආනයනය කරණ තොග වලටයි.රුපියල් 31ක් වැඩිපුර ගෙවන්නේ දැනටමත් ආනයනය කළ තොග වලටයි.නීතියට අනුව නියම මිලට එනම් රුපියල් මිලියන 29,000ක බදු සහන දීමෙන් පසුව නියම කළ මිලට විකුණන්නේ නම් ඩොලර් කථාව එන්නේ නැහැ. ඒ කතාවත් වංචාවේම කොටසක්” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...