සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී කොවිඩ් වසංගත තත්ත්වයන් සුවිශේෂී හේතුවක් වශයෙන් පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදුකරනු ලැබීය.
ඉකුත් වසරේ හලාවත ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 67 කට ආසන්න ප්‍රමාණයක් වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම ප්‍රතිශෝධන පෙත්සම තුළින් ඉල්ලා තිබුණේ රට පුරා වර්තමානයේ පැතිරී යන කොවිඩ් වසංගත තත්ත්වය සුවිශේෂී හේතුවක් වශයෙන් සැලකිල්ලට ගෙන මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙසය.
කොරෝනා වසංගත තත්ත්වය සෑම සිරකරුවෙකුටම පොදු කරුණක් යැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එය සුවිශේෂි කරුණක් ලෙස සැලකිය නොහැකි බව තීන්දු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...