දේශීය පුවත්

මන්නාරම් දෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනු ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති බලශක්ති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියාය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට සියයට 50 ක කොටසක් ලබා දුන්නද ඩොලර් බිලියන 133.5 ක ආදායමක් රජයට අත්කරගත හැකියි. එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න වන බවයි අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී පෙන්වාදී ඇත.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියා කළ හැකි බවත්, එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී අනාවරණ කර තිබේ.

තෙල් හා ගෑස් ගවෙශණය සඳහා තෙල් ළිං 07 ක් කැණීමේදී ඉන් එකක් සාර්ථක වීම සාමාන්‍ය තත්වයයි. එහෙත් ශ්‍රී ලංකාවේ කැණීම් සිදුකළ ළිං 04 න් 03 ක්ම සාර්ථක වීම යහපත් තත්ත්වයක් බවද මෙහිදී ප්‍රකාශ වී තිබේ.

අමාත්‍ය උදය ගම්මන්පිල මෙම තොරතුරු අනාවරණ කර ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳ බලශක්ති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමිනි.

එහිදී පනත් කෙටුම්පතට කාරක සභාවේ එකගතාවය හිමිවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More